අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අර්චුනා මන්ත්‍රිවරයාගේ වරප්‍රසාද කඩ වෙලා. ඔහුගේ අයිතිය ආරක්ෂා කිරීම කතානායකවරයාගේ වගකීමයි..!

අර්චුනා මන්ත්‍රිවරයාගේ වරප්‍රසාද කඩ වෙලා. ඔහුගේ අයිතිය ආරක්ෂා කිරීම කතානායකවරයාගේ වගකීමයි..!

- විපක්ෂ නායක - අර්චුනා මන්ත්‍රිවරයා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම ඔහු සතු වරප්‍රසාදයක් බවත් ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු ජනතා සෛරීත්වය ව්‍යවස්ථාදායකයේ නියෝජනය කරන නිසා ඔහුගේ…

- විපක්ෂ නායක -

අර්චුනා මන්ත්‍රිවරයා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම ඔහු සතු වරප්‍රසාදයක් බවත් ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු ජනතා සෛරීත්වය ව්‍යවස්ථාදායකයේ නියෝජනය කරන නිසා ඔහුගේ රාජකාරිය ක්‍රියාත්මක කිරීමේ දී බාධා කරන්න කිසිදු ආයතනයකට නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනතා ඡන්දයෙන් පත්වූ මහජන නියෝජිතයකු ලෙස අර්චුනා මන්ත්‍රිවරයා කරන රාජකාරියට කිසිදු අයකුට බාධා කළ නොහැකි බවත් එය ඔහුගේ සේම පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේම වරප්‍රසාද කඩවීමක් බැවින් වහාම කඩිනම් තීන්දුවක් දිය යුතු බවත් මේ අවස්ථාවේ අර්චුනා මන්ත්‍රිවරයාගේ වරප්‍රසාද කඩවී ඇති නිසා ඔහුගේ අයිතිය ආරක්ෂා කිරීම කතානායකවරයාගේ වගකීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අර්චුනා මන්ත්‍රිවරයාගේ වරප්‍රසාද කඩ වෙලා. ඔහුගේ අයිතිය ආරක්ෂා කිරීම කතානායකවරයාගේ වගකීමයි..!

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න