අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් නොකර තිබියදී 22 සම්මත කරන හැටි ජනපති ප්‍රසිද්ධියේ කියන්නේ කොහොමද..?

අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් නොකර තිබියදී 22 සම්මත කරන හැටි ජනපති ප්‍රසිද්ධියේ කියන්නේ කොහොමද..?

විපක්ෂ නායක ප්‍රශ්න කරයි 22 වැනි සංශෝධනය ගැන ජන සමාජයේ ලොකු කතාවක් මතුව තිබෙන බවත් 20 වැනි සංශොධනය ගැන කතා කරන විට එදා අනුර කුමාර දිසානායක මහතා කිව්වේ මෙය පාර්ලිමේන්තු‌වේ අනුමැතිය ප්‍රමාණවත් නොවන…

විපක්ෂ නායක ප්‍රශ්න කරයි

22 වැනි සංශෝධනය ගැන ජන සමාජයේ ලොකු කතාවක් මතුව තිබෙන බවත් 20 වැනි සංශොධනය ගැන කතා කරන විට එදා අනුර කුමාර දිසානායක මහතා කිව්වේ මෙය පාර්ලිමේන්තු‌වේ අනුමැතිය ප්‍රමාණවත් නොවන නිසා ජනමත විචාරණයක් අවශ්‍ය බව පැවසුවත් පසුගිය දා පැවැති රැස්වීමකදී නම් කියන්නේ ජනමත විචාරණයක් නොමැතිව සම්මත කර ගන්නා බවත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ජන මත විචාරණයක් අවශ්‍ය යැයි කියන ජනාධිපතිවරයා 22 ට ජනමත විචාරණයක අවශ්‍ය නොවන බව කියන්නේ ඇයි ද කියා ගැටලුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ගරු අධිකරණය 22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් තීන්දුව තවමත් ලබා දී නොමැති අවස්ථාවක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සුවිශේෂ බහුතරයක් අවශ්‍ය බවට පමණක් පවසන්නේ කෙසේද කියා බරපතල ගැටලුවක් බවත් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන්න පෙර ජනාධිපතිවරයා පූර්වයෙන් තීන්දුවක් දෙන්නේ කෙසේද කියා ගැටලුවක් මතුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

රජය පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ගැන හරියට දන්නේ නෑ

පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ඊයේ ආන්දෝලනයට තුඩු දුන් බවත් පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය යනු රාජ්‍යයන්ගේ ආයතනයක් නොවුවත් පොදු රාජ්‍ය මණ්ඩලය පිළිගත් සංවිධානයක් බවත් මෙහි ප්‍රධාන කාර්යාලය එක්සත් රාජධානියේ ඇති බවත් 1955දී පළමු සමුළුව පටන් ගෙන 1968 දී පොදු රාජ්‍ය මණ්ඩලීය නීති බියුරෝව ස්ථාපිත කළ බවත් 1983 දී හොංකොං සමුළුවේ දී මෙය පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය බවට පත්වු බවත් 1986 ව්‍යවස්ථාව සම්මත වූ බවත් මෙහි පුද්ගල සාමාජිකයන් ආයතනික සාමාජිකයන් සේම ගෞරව ජීවිත සභාපතිවරුන් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වීම

රජය ලැටිමා හවුස් මූලධර්ම ගැනවත් දන්නවද..?

පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ ප්‍රධාන ක්‍රියාකාරකම් ලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය නීති සම්මන්ත්‍රණ පැවැත්වීම, ලැටිම හවුස් මූලධර්ම සකස් කිරිම තුළ විශාල කාර්යභාරයක් ඉටු කිරීම, නඩු නිරීක්ෂණය, නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් කැපවූ අයට සම්මාන දෙන බවත් ඒ අතර උපුල් ජයසූරිය මහතා ද සිටින බවත් එතුමා ශිරානි බණ්ඩාරනායක සිදුවීමේ දී සිදු කළ මැදිහත්වීම අගයා සම්මානයක් ද ලැබූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පොදු රාජ්‍ය මණ්ඩලී නීතිඥ සංගමය පවා 22 නිසා ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවන අහිතකර බලපෑම් ගැන කිව්වා

නමුත් ඊයේ දින පාර්ලිමේන්තුවේදී රාජ්‍ය පාර්ශ්වය පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය යනු මුදල් ගෙවූ සාමාජිකත්වය ලැබූ ආයතනයක් ලෙස හැඳින්වූ බවත් පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලබා දෙන ප්‍රකාශන වැදගත් බවත් පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිවරයා වන ස්ටීවන් තිරූ මහතා ප්‍රසිද්ධියේ මෙරට අධිකරණයේ ස්වාධිනත්වයට එල්ල කර ඇති මරු ප්‍රහාර ගැන පැවසූ බවත් 22 වැනි සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධයේ ප්‍රකාශ කරමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මැදිහත් වූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

22 තුළින් ලැටිමා හවුස් මූලධර්ම විනාශ වෙනවා

ලැටිමා හවුස් මූලධර්ම අනුව ප්‍රජාතන්ත්‍රවාදී කුළුණු 3 බලය බෙදීම සම්බන්ධයෙන් දැක්වෙන බවත් මෙයට මැදිහත්වූයේ පොදු රාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය බවත් එය සකස් කිරීමට පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය සහයෝගය පවා දුන් බවත් මේවා ලෝකයේ රටවල් පිළිගන්නා ප්‍රතිපත්ති බවත් 22 වැනි සංශෝධනය තුළින් මේ ලැටිමා හවුස් ප්‍රතිපත්ති විනාශ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගාලු නීතිඥ සංගමය පවා 22ට විරුද්ධ යෝජනාවක් සම්මත කර ගෙන

අද දවසේ ගාලු නීතිඥ සංගමය පවා 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට යෝජනාවක් සම්මත කර ගෙන ඇති බවත් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි මේ යෝජනාවේ දැක්වෙන බවත් ඊයේ දිනයේ මේ රජය රටත් ජනතාවත් නොමග යවා පොදු රාජ්‍ය මණ්ඩලීය වැඩපිළිවෙළ ගැන අවබෝධයක් රජයට නොමැති බවත් නිකං බොරුවට නැගිට කෑ ගැසුවා පමණක් බවත් අවසානයේ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා සියල්ල රජයට පැහැදිලි කර දුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රජය ආර්ථිකයත් ප්‍රජාතන්ත්‍රවාදයත් විනාශ කරනවා

වත්මන් රජය එක් පැත්තකින් ආර්ථිකය කුඩා කරනවා සේම ජන ජීවිත කුඩා කරමින් යන බවත් තවත් පැත්තකින් මේ රජය ප්‍රජාතන්ත්‍රවාදය කුඩා කරමින් යන බවත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ද අහිමි කරමින්  යන බවත් ඒ නිසා 22 වැනි සංශෝධනයට විරුද්ධව පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිවරයා සෘජුව අදහස් ඉදිරිපත් කරන විට අධිකරණ ඇමති හා නිලධාරීන් ඔහු හමුවීම ප්‍රතික්ෂේප කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අධිකරණ ඇමති පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයෙන් සමාව ගත යුතුයි

අධිකරණය ඇමතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයෙන් සමාව ඉල්ලා සිටිය යුතු බවත් පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිවරයා හමු නොවීම සේම අමාත්‍යාංශයේ නිලධාරින්ට පවා හමුවෙන්න අවස්ථාව නොදීම ගැටලුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රජය දැන් මාධ්‍ය මර්දනය කරන්නත් උත්සාහ කරනවා

මේ වන විට රජය මාධ්‍ය ක්ෂේත්‍රය පවා මර්දනය කරන්න වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනයක් හදන බවත් මෙය මාධ්‍ය නිදහසට එල්ල කරන මරු පහරක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය පවා මෙහි සමහර වගන්තිවලට විශේෂ බහුතරය අවශය බව පවසන බවත් මේ පනත මාධ්‍ය ක්ෂේත්‍රයට මරු පහරක් එල්ල කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මේ මාධ්‍ය මර්දනයට අපි විරුද්ධයි

රජය මාධ්‍ය මර්දනය කරමින් ජවිපේ සුවච කීකරු ගෝලයන් වහලුන් බවට පත් කරන්න ගෙන එන මේ වැඩපිළිවෙළ හකුලා ගත යුතු බවත් ජවිපේ අය විපක්ෂයේ සිටින විට මාධ්‍ය නිදහස වෙනුවෙන් විශාල හඩක් නැගූ බවත් අද මේ අය මාධ්‍ය මර්දනය කරන්න කටයුතු කරන බවත් එයට විපක්ෂය විරුද්ධ බවත් 2/3 බලය උපයෝගී කර ගෙන මාධ්‍ය මර්දනය කරන්න අවස්ථාව දිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 4
බෙදාගන්න