අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

Youth With Ravi ජනපති වෙනුවෙන් රට පුරා වැඩ අරඹයි

Youth With Ravi ජනපති වෙනුවෙන් රට පුරා වැඩ අරඹයි

ජනපති වටා තරුණ සුනාමියක් දස දහස් ගණන් තරුණ තරුණියෝ එකට ඒකරාශී වෙති තරුණ තරුණියන් ස්ව කැමැත්තෙන් මේ සටනට එක්ව සිටින්නේ දේශපාලනය කිරීමට පෙර රටක් අවශ්‍ය නිසයි තරුණ පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීම අපේ…

ජනපති වටා තරුණ සුනාමියක් 

දස දහස් ගණන් තරුණ තරුණියෝ එකට ඒකරාශී වෙති 

තරුණ තරුණියන් ස්ව කැමැත්තෙන් මේ සටනට එක්ව සිටින්නේ දේශපාලනය කිරීමට පෙර රටක් අවශ්‍ය නිසයි

 තරුණ පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීම අපේ අරමුණයි

රනිල් හැර විකල්පයක් නැහැ 

රවී කරුණානායක අවධාරණය කරයි 

Youth With Ravi ජනපති වෙනුවෙන් රට පුරා වැඩ අරඹයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය විජයග්‍රහණයක් කර වීමේ අරමුණින් රට පුරා තරුණ තරුණියන් එකට ඒකරාශී කර "Youth With Ravi" යනුවෙන් තරුණ බළකායක් නිර්මාණය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පියවර ගෙන තිබේ.

රට ගොඩනගා ආර්ථිකය ශක්තිමත් කර ජනතාව සවි බල ගන්වමින් ශ්‍රී ලංකාව ලෝකයට ගෙ යන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩ පිළිවෙළ, දර්ශනය සහ ඉලක්කය සම්බන්ධයෙන් රට පුරා ජනතාව දැනුම්වත් කරමින් එකට ඒකරාශී කිරීමේ මෙහෙයුම "Youth With Ravi" තරුණ බළකාය මේ වන විටත් ආරම්භ කර තිබේ. 

දැන්වීම

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන "Youth With Ravi" නිර්නතෘ, එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේ පවසයි.

"රටේ තරුණ පරපුරේ අනාගතය සුරක්ෂිත කිරීම අපේ අරමුණයි. ඒ අභියෝගය භාර ගෙන ජය ගත හැක්කේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට විතරයි. එතුමා ඒ බව ආදර්ශයෙන් ඔප්පු කර තිබෙනවා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා 75% ට වැඩි ඡන්ද  ප්‍රතිශතයකින් මේ රටේ යළි ජනාධිපති ධූරයට පත් කිරීමට තරුණ තරුණියන් ඇතුළු සමස්ත ජනතාව පෙළ ගැසී සිටිනවා. රටට-ජනතාවට සේවයක් කර තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂය පමණයි.

මේ රට ජනතාව බේර ගත්ත රනිල් වික්‍රමසිංහ මහතාට මේ ජනාධිපතිවරනයේ දී රට යළි භාර දිය යුතුයි. එතුමා හැර රටට-ජනතාවට විකල්පයක් නැහැ. මේ තරුණ තරුණියන් මෙසේ ස්ව කැමැත්තෙන් මේ සටනට එක්ව සිටින්නේ දේශපාලනය කිරීමට පෙර අපට රටක් අවශ්‍ය නිසයි. එකමුතු භාවය අවශ්‍ය නිසයි. අප සියලු දෙනා එකට එක්ව එකමුතුව මේ රටේ රැඩිකල් පෙරළියක් සිදු කරමු. රනිල් වික්‍රමසිංහ මහතාට යළි ඡන්දය ලබා දී තරුණ තරුණියන්ගේ සහ රටේ අනාගතය සුරක්ෂිත කරමු. ශ්‍රී ලංකාව ලෝකයට ගෙන ගොස් සංවර්ධනය කරමු.

එක්සත් ජතක පක්ෂය කියන්නේ පවුල් වාදී දේශපාලන පක්ෂයක් නොවන අතර අපේ මුළු පක්ෂයම ක්‍රියා කරන්නේ එකම පවුලක් ලෙසයි. රට වෙනුවෙන් ඉදිරි දැක්මක් තිබෙන්නේ අපට විතරයි. 2028 වන විට අපට අප ගත් විදේශීය සහ දේශීය ණය ගෙවීමට තිබෙනවා. ඊට අවශ්‍ය මාර්ගය අප පෙන්වා දී තිබෙනවා. සියල්ල නොමිලයේ ලබා දෙනවා කියා සිහින ලෝක මවා රටේ ණය ගෙවිය නොහැකි අතර ඒ සඳහා අපනයන මාර්ග වැඩි දියුණු කළ යුතුයි. රටේ ආර්ථිකය  නවීකරණය කළ යුතුයි. ජන ජීවිතය පහසු නැහැ. නමුත් ජනතාවට අප හුස්ම ගන්න හැකි අවස්ථාවක් උදා කර දී තිබෙනවා. 

Youth With Ravi ජනපති වෙනුවෙන් රට පුරා වැඩ අරඹයිYouth With Ravi ජනපති වෙනුවෙන් රට පුරා වැඩ අරඹයි
 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න