අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

VAT නිසා ජනතාව FLAT වෙලා සිටිද්දී ඇමතිවරුන් බාල් නටනවා

VAT නිසා ජනතාව FLAT වෙලා සිටිද්දී ඇමතිවරුන් බාල් නටනවා

රජයේ සංඛ්‍යා ලේඛන අනුව රටේ ගෘහයන්ගෙන් 60%ක ආදායම අඩු වෙලා ගෘහයන්ගෙන් 91%ක ගේ වියදම් වැඩි වෙලා රජයේ සංඛ්‍යා ලේඛන අනුව රටේ ගෘහයන්ගෙන් 60%ක ආදායම අඩු වී 91%ක ගේ වියදම් වැඩි වී ඇති බවත් ආර්ථික…

රජයේ සංඛ්‍යා ලේඛන අනුව රටේ ගෘහයන්ගෙන් 60%ක ආදායම අඩු වෙලා 

ගෘහයන්ගෙන් 91%ක ගේ වියදම් වැඩි වෙලා 

රජයේ සංඛ්‍යා ලේඛන අනුව රටේ ගෘහයන්ගෙන් 60%ක ආදායම අඩු වී 91%ක ගේ වියදම් වැඩි වී ඇති බවත් ආර්ථික බංකොලොත්භාවය නිසා 22%ක් ගෘහයන් ණය බරතාවයෙන් පෙළෙන බවත් පාසල් දරු දැරියන්ගෙන් 54.9%ක් ආර්ථික බංකොලොත්භාවය මත දැවැන්ත හානියකට ලක් සිටින අතර ජන ගහනයෙන් 7%ක් සුපුරුදු පරිදි සිය සෞඛ්‍ය සේවා පවා ලබා නොගන්නා බවත් මේ හේතුවෙන් රටේ සෝචනීය සහ ඛේදනීය තත්ත්වයක් නිර්මාණය වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි. 

මේ තත්ත්වයෙන් රට බංකොලොත් කළ කණ්ඩායමට නිවැරදි ආකාරයෙන් රට නැවත ගොඩ ගත හැකිද නැද්ද කියා පසුගිය දිනක මුහුද මැද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් වරාය අධිකාරියේ යාත්‍රා උපයෝගී කර ගෙන දැමූ සාදයෙන් පෙනී යන බවත් රටේ ජනතාව හාමතේ සිටින විට රටේ ජනතාගේ බදු මුදල් උපයෝගී කර ගෙන මුහුද මැද මත්පැන් සාද පවත් වන නින්දිත රාජ්‍ය පාලනයක් රටේ ක්‍රියාත්මක වන බවත් සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවා හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් වංචාව ඇතුළු මේ රටේ බෙහෙත්වලින් හොරා කෑ දේශපාලනඥයන් සහ නිලධාරීන් පිළිබඳ විභාගයක් කර ගෙන ගියත් එම හොරකමට සම්බන්ධ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා සහ ඒ කණ්ඩායම රකින්න පාර්ලිමේන්තුවේ 113 දෙනකු අත ඉස්සු බවත් මෙම 113 දෙනාම දේශද්‍රෝහී-ජනතා ද්‍රෝහී සහ රාජ්‍ය ද්‍රෝහී පුද්ගලයන් බවත් ඔවුන්ද හොරකම වෙනුවෙන් පෙනී සිටී බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

දැන්වීම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ පැවැති ජීවන වියදම ඉහළ යාම සහ මන්දපෝෂණ තත්ත්වය වළක්වා ගැනීම සඳහා වන විවාදයේදී අදහස් පළ කරමිනි.

2020 ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව IMF ලබා දුන් ඩොලර් මිලියන 100 ප්‍රතික්ෂේප කරන විට බන්දුල ගුණවර්ධන කටපියන් සිටියත් දැන් IMF කියන විදිහට යන්න කියන්නේ වස්ත්‍රයක් ඇද ගෙන ද කියා අහන බවත් වත්මන් ආණ්ඩුව IMFපෙරටු කර ගෙන ජනතාවට කළ හැකි නින්දිත දේවල් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් අවධාරණය කළේය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
VAT නිසා ජනතාව FLAT වෙලා සිටිද්දී ඇමතිවරුන් බාල් නටනවා | Lanka Newsweek