United Youth හරහා ශ්‍රීලනිප බිම් මට්ටමේ ප්‍රබලයින් පිරිසක් එජාපයට

ජනපතිගේ ජයග්‍රහණය තහවුරු කරන බවට සහතික වෙති ජනපති වටා තරුණ සුනාමියක් සුදත් චන්ද්‍රසේකරගේ මෙහෙයුමක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන "United Youth" තරුණ බලවේගයේ මෙහෙය වීමෙන් ශ්‍රී…
ජනපතිගේ ජයග්‍රහණය තහවුරු කරන බවට සහතික වෙති
ජනපති වටා තරුණ සුනාමියක්
සුදත් චන්ද්‍රසේකරගේ මෙහෙයුමක්

ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන "United Youth" තරුණ බලවේගයේ මෙහෙය වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක් වූහ.
ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා මෙසේ එක්සත් ජාතික පක්ෂය සමග එක් වූයේ, මාතලේ දිස්ත්‍රික්කයේ, විල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති යූ ජී තෙන්නකෝන් සහ ලග්ගල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී උදය බණ්ඩාර හේරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් වෙති.
දැන්වීම
"ජනපති එක්ක කතා බහක්-තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වටා තරුණ තරුණියන් එකට ඒකරාශී කරමින් "United Youth" සංවිධානයේ නිර්මාතෘවරයා සහ එහි සභාපතිවරයා වන්නේ, එදා සිටම රනිල් වික්‍රමසිංහ මහතාගේ යටි බිම් ගත දේශපාලන මෙහෙයුම් ක්‍රියාත්මක කරන සුදත් චන්ද්‍රසේකර මහතා විසින් වන අතර එම සංවිධානය මේ වන විට රට පුරා සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.
"United Youth" යටතේ රට පුරා සිටින තරුණ තරුණියන් විශාල පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වටා එකට ඒකරාශී කිරීමට එහි සභාපති සහ නිර්මාතෘ සුදත් චන්ද්‍රසේකර මහතා මේ වන විටත් සමත්ව සිටියි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙම ප්‍රබල ක්‍රියාකාරීන් පිරිස මෙසේ එක්සත් ජාතික පක්ෂය සමග එක් වූයේ, මාතලේ දිස්ත්‍රික්කයේ, ලග්ගල සහ රත්තොට යන මැතිවරණ කොට්ඨාශ ආවරණය වන පරිදි සිකුරාදා (03) සහ සෙනසුරාදා (04) යන දිනයන්හී පැවති එම සංවිධානයේ ප්‍රවර්ධන වැඩ සටහන් අතරතුර දී ය.
මෙහිදී ලග්ගල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී උදය බණ්ඩාර හේරත් මහතා ප්‍රකාශ කර සිටියේ, තමා කිසි දිනක එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඡන්දය පාවිච්චි නොකළ නමුත් ඉදිරි ජනාධිපතිවරණයේ දී ඔහුගේ ජයග්‍රහණය තහවුරු කිරීමට ඇපකැප වන බවය.
මෙම අවස්ථාවට "United Youth" උපදේශක මණ්ඩල සභාපති සුදත් චන්ද්‍රසේකර, හිටපු ක්‍රිකට් ක්‍රීඩක අකලංක ගනේගම, එක්සත් ජාතික පක්ෂයේ මාතලේ ආසන සංවිධායක උජිත් අනුරාධ සහ චිත්‍රපට නිෂ්පාදක සහ ප්‍රවීණ රංගන ශිල්පී අර්ජුන් කමලනාත් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.