අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

United Youth වෙතින් විශේෂ අවස්ථා සහිත පුද්ගලයින්ට රෝද පුටු

United Youth වෙතින් විශේෂ අවස්ථා සහිත පුද්ගලයින්ට රෝද පුටු

පාසල් දරු දැරියන්ට පොත්පත් ඇතුළු පාසල් උපකරණ වෙසක් උත්සවය වෙනුවෙන් කෙරුණු සමාජ සත්කාරයක් සුදත් චන්ද්‍රසේකරගේ සංකල්පයක් "තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ රට පුරා තරුණ තරුණියන් අතර ක්‍රියාත්මක "United…

පාසල් දරු දැරියන්ට පොත්පත් ඇතුළු පාසල් උපකරණ 

වෙසක් උත්සවය වෙනුවෙන් කෙරුණු සමාජ සත්කාරයක් 

සුදත් චන්ද්‍රසේකරගේ සංකල්පයක්  

United Youth වෙතින් විශේෂ අවස්ථා සහිත පුද්ගලයින්ට රෝද පුටු

"තරුණ අපේ අනාගතය" යන තේමාව යටතේ රට පුරා තරුණ තරුණියන් අතර ක්‍රියාත්මක "United Youth" තරුණ බලවේගයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ධන පරිත්‍යාගයෙන්  විශේෂ අවස්ථා සහිත පුද්ගලයන්ට රෝද පුටු සහ පාසල් දරු දැරියන්ට පොත්පත් ඇතුළු පාසල් උපකරණ ප්‍රදානය කිරීමේ වැඩ සටහනක් පොළොන්නරු දිස්ත්‍රික්කය කේන්ද්‍රය කර ගනිමින් පැවැත් විණ.

බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කෙරෙන වෙසක් උත්සවය වෙනුවෙන් මෙම සමාජ සත්කාරය ක්‍රියාත්මක වූයේ "United Youth" නිර්මාතෘ සහ එහි සභාපති සුදත් චන්ද්‍රසේකර මහතාගේ සංකල්පයකට අනුව වන අතර මෙම සමාජ මෙහෙවර රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දැන්වීම

"United Youth" භික්ෂු එකමුතුව නියෝජනය කරන දොම්පේ ශාන්ති විහාරී නා හිමි ඇතුළු මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට "United Youth" සභාපති සුදත් චන්ද්‍රසේකර, ප්‍රවීණ රංගන ශිල්පී අර්ජුන කමලනාත්, ප්‍රවීන රංගන ශිල්පිනී ශශීකලා හෙට්ටිආරච්චි, ක්‍රිකට් ක්‍රීඩක අකලංක ගනේගම, ව්‍යාපාරික මනෝජ් පුංචි හෙවා සහ අසංක රත්නායක යන මහත්ම මහත්මීහූ එක්ව සිටියහ.

United Youth වෙතින් විශේෂ අවස්ථා සහිත පුද්ගලයින්ට රෝද පුටු

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
United Youth වෙතින් විශේෂ අවස්ථා සහිත පුද්ගලයින්ට රෝද පුටු | Lanka Newsweek