United Youth තවත් සමාජ සත්කාරයකට අත ගසයි

පාසල් දරු දැරියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීමේ දීපව්‍යාප්ත වැඩ සටහනකට අත ගසයි පළමු පියවර අනුරාධපුර සේනාදිරියගම ප්‍රාථමික විදුහලෙන් අරඹයි මහා සංඝ රත්නයේ ආශීර්වාදය..! දෙමාපියන්ගේ ආචාරය..! පාසල් දරු…
පාසල් දරු දැරියන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීමේ දීපව්‍යාප්ත වැඩ සටහනකට අත ගසයි
පළමු පියවර අනුරාධපුර සේනාදිරියගම ප්‍රාථමික විදුහලෙන් අරඹයි
මහා සංඝ රත්නයේ ආශීර්වාදය..!
දෙමාපියන්ගේ ආචාරය..!

පාසල් දරු දැරියන්ගේ අවශ්‍යතා සපුරාලමින් ඔවුන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසල් උපකරණ බෙදා දීමේ දීපව්‍යාප්ත සමාජ සත්කාරක වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට "United Youth" සංවිධානය පියවර ගෙන තිබේ.
එහි පළමු පියවර ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් ඉලක්ක කර ගනිමින් එම දිස්ත්‍රික්කයේ, සේනාදිරියගම ප්‍රාථමික විදුහලේ සියලුම දරු දැරියන් වෙනුවෙන් පොත්පත් ඇතුළු පාසල් උපකරණ බෙදා දෙමින් එම දූ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීමට පියවර ගැනිණි.
දැන්වීම
මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කරමින්, දකුණු හුරුලු පළාතේ, ප්‍රධාන අධිකරණ සංඝ නායක, හබරණ මහා මහින්ද පිරිවෙන්හි කෘත්‍යාධිකාරී ටැම්පිට රාජ මහා විහාරාධිපති පලුගස් වැව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, මුළු දිවයිනටම සාම විනිසුරු සහ රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති බෝගස්වැවේ විපස්සි නා හිමියන් කියා සිටියේ, ආරාධිත කිසිම අමුත්තෙකු හෝ "United Youth" සංවිධානය දේශපාලනය සදහා පාසැල් සහභාගි කරවා ගැනීම නුසුදුසු බව ආදර්ශමත් ලෙස ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වීම ඉතා ඉහළින් අගය කළ යුතු ක්‍රියාවක් බවයි.
මෙම පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදාදීම "United Youth" සංවිධානයේ නිර්මාතෘ සහ එහි සභාපති සුදත් චන්ද්‍රසේකර, අධ්‍යක්ෂ ජෙනරාල් අසංක රත්නායක, ජාතික සංවිධායක රංගන ශිල්පි අර්ජුන කමලනාත්, භාණ්ඩාගාරික මනෝජ් පුංචිහේවා, සංචාරක එකමුතුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නේලක ගුණරත්න, වෙෙද්‍ය එකමුතුවේ අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෙෙද්‍ය හර්ෂණ සමරසිංහ, ක්‍රීඩා එකමුතුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අකලංක ගනේගම, කාන්ත අංශයේ , අධ්‍යක්ෂ ජෙනරාල් රංගන ශිල්පිණි ශෂිකලා හෙට්ටිආරච්චි සහ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකාරක රිස්වි මොහොමඩ් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සහ ඔවුන්ගේ පුද්ගල ධන පරිත්‍යගයෙන් සිදු කෙරිණ.

