“Two Saman”ලා අගමැති නියෝග නොතකයි..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3

සමන් ඒකනායක චෝදනාව පිළි ගනී..! සමන් අතාවුද අගමැති නියෝග පැහැර හැරලා..! ජනමාධ්‍යවේදීන් රැසකට කොකා පෙන්වලා..! “සමන් ඒකනායකත් අග්‍රාමාත්‍ය ලේකම්වරයෙක් දැයි ප්‍රශ්න කරයි” (සුජිත් මංගල ද සිල්වා) එක්සත්…
සමන් ඒකනායක චෝදනාව පිළි ගනී..!
සමන් අතාවුද අගමැති නියෝග පැහැර හැරලා..!
ජනමාධ්‍යවේදීන් රැසකට කොකා පෙන්වලා..!
“සමන් ඒකනායකත් අග්‍රාමාත්‍ය ලේකම්වරයෙක් දැයි ප්‍රශ්න කරයි”
(සුජිත් මංගල ද සිල්වා)
එක්සත් ජාතික පක්ෂයට සහ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අවුරුදු 15ක් පමණ මුළුල්ලේ මතවාදීව සහය ලබා දෙමින් උදව් උපකාර කළ ජනමාධ්‍යවේදීන් ගණනාවකට සාධාරණය ඉටු කර යහ පාලන රජය ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සඳහා ඒ අයගේ සහයෝගය තව දුරටත් ලබා ගන්නා ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට අවුරුදු තුනකට පෙර දුන් නියෝගය මේ වන තුරුත් ක්‍රියාත්මක වී නොමැත.
මේ හේතුවෙන් එම ජනමාධ්‍යවේදීන් දැඩි අසීරුතාවයකට පත් වී සිටින අතර ඒ අයගෙන් එක්සත් ජාතික පක්ෂයට සහ නායක රනිල් වික්‍රමසිංහ මහතාට මේ දක්වා ලැබුණු මතවාදී සහයෝගය ද මේ වන විට අහිමි වෙමින් යන තත්ත්වයක් උදාවී තිබේ.
එක්සත් ජාතික පක්ෂයට සහ රනිල් වික්‍රමසිංහ මහතාට මතවාදීව සහයෝගය ලබාදීම නිසා මේ මාධ්‍යවේදීන් අතර සිටින බහුතරයක් ඒ අයගේ මාධ්‍ය ආයතන අභ්‍යන්තරයේ දේශපාලන පළි ගැනීම්වලට පවා ලක් වෙමින් සිටින අතර මේ දේශපාලන හේතුන් මත "ලංකාදීප" පුවත් පතේ මාධ්‍යවේදීන් දෙදෙනකුට සිය රැකියා ද අහිමි වී ඇත.
මේ ජනමාධ්‍යවේදීන්ට සාධාරණය ඉටු කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (මාධ්‍ය) සමන් අතාවුදහෙට්ටි යන මහත්වරුන්ට නියෝග කළේ 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් පසුව යහ පාලන ජාතික ආණ්ඩුව ගොඩනැගු අවස්ථාවේදීමය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබෙන්නේ මේ ජනමාධ්‍යවේදීන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයට,සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමට (ලේක් හවුස්) සහ ස්වාධීන රුපවාහිනියට අනුයුක්ත කරන ලෙසටය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබා දෙන මෙවැනි බොහෝ නියෝග අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි යන මහත්වරුන් ක්‍රියාත්මක නොකිරීම නිසා අග්‍රාමාත්‍යවරයා ද දැඩි අසීරුතාවයකට පත්ව සිටින අතර මේ හේතුවෙන් අගමැතිවරයාට හිතවත් බොහෝ දෙනා ඔහු පිළිබඳ වැරදි චිත්‍රයක් මවා ගෙන සිටින්නේ යැයි ද මේ තත්ත්වය ඔහුට දේශපාලන වශයෙන් ඉතා අවාසිදායක යැයි ද අරලිය ගහ මන්දිරයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් “lankanewsweek” සමග පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයාව සිටියදී ඔහුගේ මාධ්‍ය ලේකම්ව සිටි සමන් අතාවුදහෙට්ටි මහතා පොත් ලියමින් ජපානය සහ චීනය ඇතුළු ලෝකයේ රටවල්වල සවාරි ගහද්දී ඒකාධිපති රාජපක්ෂ රෙජිමයට එරෙහිව එක්සත් මාධ්‍ය සංසදය ගොඩනගා ගෙන එක්සත් ජාතික පක්ෂය සහ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජීවිත පරදුවට තබා විශාල මාධ්‍ය මෙහෙවරක් කළේ මේ මාධ්‍යවේදීන් බව ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංසදයේ සභාපති සිසිර සී විතානගේ මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා අඛණ්ඩවම මැතිවරණවලින් පරාජයට පත් වන්නේ ඔහුගේ සහ එක්සත් ජාතික පක්ෂයේ දුර්වලතාවයක් නිසා නොව ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස සමන් අතාවුදහෙට්ටි මහතාගේ නොහැකියාව සහ අදක්ෂකම නිසා බව එක්සත් මාධ්‍ය සංසදය පවසයි.
ඕනෑම දුර්වල නායකයෙකු වුණත් විධිමත්,සලසුම්සගත,පුළුල් සහ නවීන ප්‍රචාරක ව්‍යාපාරයකින් ද මාධ්‍ය මෙහෙයුමකින් ද ජයග්‍රහණය කර විය හැකි බව පෙන්වා දෙන එක්සත් මාධ්‍ය සංසදය ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හිලරි ක්ලින්ටන් පරාජය කරමින් නොසිතු විරු ලෙස ඇමරිකාවේ ජනාධිපති වූයේ එවැනි ක්‍රමයකින් යැයි ද පෙන්වා දෙයි.
උද්ගත වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාගෙන් “lankanewsweek” කළ කරුණු විමසීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබා දෙන සමහර නියෝග ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තිබෙන බව ඔහු පිළිගත්තේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගය පවා නොතකා සමන් අතාවුදහෙට්ටි මහතා මෙසේ ක්‍රියා කරන්නේ මේ මාධ්‍යවේදීන් අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය ඇතුළු ඒ ඒ ආයතනවල ස්ථාන ගත කළොත් ඒ අය සිය දක්ෂතා පෙන්වා ඉදිරියට පැමිණීම තමාට අභියෝගයක් වනු ඇතැයි යන බියගුළු සිතුවිල්ල මත බව අරලිය ගහ මන්දිරයේ සිටින ඔහුගේ සමීපතම ගෝලයකු “lankanewsweek” සමග පැවසීය.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් “lankanewsweek” සමග පැවසුවේ සමන් ඒකනායක කියන්නේ තමා සිය දේශපාලන ජීවිතයේ දුටු දුර්වලම අග්‍රාමාත්‍ය ලේකම්වරයා බවය.
අගමැතිවරයා ලබා දෙන නියෝග අනෙකුත් නිලධාරීන් සහ මැති ඇමතිවරුන් මාර්ගයෙන් ක්‍රියාත්මක කරවා ගැනීමට ඔහුට හයියක් නොමැති බව පෙන්වා දුන් එම ජ්‍යෙෂ්ඨ නායකයා අගමැතිවරයා ලබා දෙන නියෝගයක් කිසියම් නිලධාරියෙක් ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔහු සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරයවත් සමන් ඒකනායක නොදන්නා බව ද සඳහන් කළේය.
බ්‍රැඩ්මන් වීරකෝන් වැනි කෘතහස්ත හිටපු අග්‍රාමාත්‍ය ලේකම්වරුන් ගැන සිහි කරද්දී සමන් ඒකනායකත් අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකු දැයි ද ඔහු වැඩි දුරටත් ප්‍රශ්න කර සිටියේය.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3