අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

සෞඛ්‍ය

Tournament of Minds ලෝක කිරුළ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට

Tournament of Minds ලෝක කිරුළ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට

(අශෝක ජයතුංග වොෂින්ටන් සිට) "Tournament of Minds" ජාත්‍යන්තර තරගාවලියේ දී ලොව රටවල් 136 ක් අභිභවා මෙවර ලෝක ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ස්නායු විශේෂඥ වෛද්‍යවරුන්ගේ කණ්ඩායම සමත්ව තිබේ. මෙවර තරඟාවලිය…

 (අශෝක ජයතුංග වොෂින්ටන් සිට)

"Tournament of Minds" ජාත්‍යන්තර තරගාවලියේ දී ලොව රටවල් 136 ක් අභිභවා මෙවර ලෝක ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ස්නායු විශේෂඥ වෛද්‍යවරුන්ගේ කණ්ඩායම සමත්ව තිබේ. 

මෙවර තරඟාවලිය ස්නායුවේදය පිළිබඳ ලෝක සම්මේලනයට සමගාමීව කැනඩාවේ මොන්ට්‍රියල්හි දී පැවැත් වුණු අතර මීට පෙර පැවැති තරගාවලියේදීද ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායම දෙවන ස්ථානය ලබා ගත්තේය. මෙවර ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරිපත් වූයේ "Serendib Synapse" නමිනි.

මෙවර තරගාවලියට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම විශේෂඥ ස්නායු වෛද්‍ය ඒ. ටී. අලිබොයි, ස්නායු රෝග විශේෂඥ මහාචාර්ය තෂි චෑන්ග්, ස්නායු විශේෂඥ වෛද්‍ය සේනක බන්ධුසේන සහ ස්නායු විශේෂඥ වෛද්‍ය මංජුල කල්දේරා යන මහත්වරු සිව් දෙනා නියෝජනය කළහ.

තවද  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වත්මන් සභාපති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා ස්නායුවේදය පිළිබඳ ලෝක සමුළුවේදී ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දුන්නේය.
       

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න