අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

TNA සිය තීරණය අගමැති හමුවේ තහවුරු කරයි..!

ඉන්දියාව රනිල් එක්ක-TNA විශ්වාස භංගයට විරුද්ධයි..?

(සුජිත් මංගල ද සිල්වා) පාර්ලිමේන්තුවේදී හෙට (04) විශ්වාස භංග යෝජනාවට විරුද්ධව සිය ඡන්දය ලබා දෙන බව ද්‍රවිඩ ජාතික සන්ධානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත මීට ටික වේලාවකට පෙර නිල වශයෙන් දැනුම්…

(සුජිත් මංගල ද සිල්වා)

පාර්ලිමේන්තුවේදී හෙට (04) විශ්වාස භංග යෝජනාවට විරුද්ධව සිය ඡන්දය ලබා දෙන බව ද්‍රවිඩ ජාතික සන්ධානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත මීට ටික වේලාවකට පෙර  නිල වශයෙන් දැනුම් දුන්නේය.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා ප්‍රධාන කණ්ඩායම මේ නිල තීරණය රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දුන්නේ පාර්ලිමේන්තුවේදී වන අතර විපක්ෂ නායකවරයා ඇතුළු කණ්ඩායම පැයක පමණ කාලයක් අගමැතිවරයා සමග දීර්ඝ සාකච්ඡාවක ද යෙදිණ.

“ඉන්දියාව රනිල් එක්ක-TNA විශ්වාස භංගයට විරුද්ධයි” යන ශීර්ෂ පාඨය යටතේ ද්‍රවිඩ ජාතික සන්ධානය විශ්වාස භංග යෝජනාවට විරුද්ධව සහ අගමැතිවරයාට පක්ෂව ඡන්දය පාවිච්චි කරන බව මුලින්ම අද (03) හෙළිදරව් කළේ “lankanewsweek” කණ්ඩායමය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
TNA සිය තීරණය අගමැති හමුවේ තහවුරු කරයි..! | Lanka Newsweek