අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

SF විකල්පයක් නොවේ-ජාත්‍යන්තර සහය නැහැ

SF විකල්පයක් නොවේ-ජාත්‍යන්තර සහය නැහැ

යුද අපරාධ චෝදනා ඊට හේතුවයි SF ගේ න්‍යාය පත්‍රය අරගලකරුවන්ගේ පහනින් එළිය බැලීමයි ඇතැම් අරගලකරුවන් ජාත්‍යන්තර දේශපාලන යථාර්ථය දන්නේ නැහැ දේශපාලන විචාරකයෝ කියති ජනාධිපතිකමට හෝ අගමැතිකමට ෆීල්ඩ් මාර්ෂල්…

යුද අපරාධ චෝදනා ඊට හේතුවයි 

SF ගේ න්‍යාය පත්‍රය අරගලකරුවන්ගේ පහනින් එළිය බැලීමයි 

ඇතැම් අරගලකරුවන් ජාත්‍යන්තර දේශපාලන යථාර්ථය දන්නේ නැහැ 

දේශපාලන විචාරකයෝ කියති  

ජනාධිපතිකමට හෝ අගමැතිකමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කළ යුතු බවට අරගලකරුවන් අතර සිටින ඇතැම් පිරිස් යෝජනා  සිටියත් රටේ  උද්ගත වී තිබෙන දේශපාලන, ආර්ථික සහ සමාජ අර්බුදයට ඔහු කිසිසේත් විකල්පයක් හෝ විසඳුමක් නොවන බව දේශපාලන විචාරකයෝ කියා සිටිති.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම හමුවේ යුද අපරාධ ඇතුළු බරපතළ චෝදනා එල්ල වී තිබෙන බව පෙන්වා දෙන දේශපාලන විචාරකයෝ එවැනි පුද්ගලයෙකු ජනාධිපති හෝ අගමැති වුණොත් ජාත්‍යන්තරයෙන් රටට කිසිදු සහයෝහයක්, අනුග්‍රහයක් හෝ ආධාරයක් නොලැබෙනු ඇතැයි අනතුරු අඟවා සිටිති. 

රට අභ්‍යන්තරයේ උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදය මේ වන විට ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි ද, එවැනි තත්ත්වයක් හමුවේ ජනාධිපතිකමට සහ අගමැතිකමට පත් කර ගත යුත්තේ බරපතළ චෝදනා එල්ල වී තිබෙන පුද්ගලයින් නොව කිසිදු අපරාධ සහ දූෂණ චෝදනාවක් නොමැති නිර්පාක්ෂික නායකයෙකු බව ද, මෙම භූගෝලීය සහ ජාත්‍යන්තර දේශපාලන යථාර්ථය අරගලකරුවන් අතර සිටින ඇතැම් පිරිස් නොදන්නා බව ද ඔවුහූ පෙන්වා දෙති.

එම නිසා අරගලකරුවන්ගේ පිහිටෙන් ඔවුන්ට මුවා වී රට ගැන නොසිතා ජනාධිපතිකම හෝ අගමැතිකම ලබා ගැනීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අවස්ථාවාදී ලෙස ක්‍රියා නොකළ යුතු යැයි ද එම දේශපාලන විචාරකයෝ වැඩි දුරටත් කියා සිටිති.      

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
SF විකල්පයක් නොවේ-ජාත්‍යන්තර සහය නැහැ | Lanka Newsweek