අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

Royal Park මිනී මරුවාට හිටපු ජනාපති දුන් ජනාධිපති සමාව නීතියට පටහැනියි

Royal Park මිනී මරුවාට හිටපු ජනාපති දුන් ජනාධිපති සමාව නීතියට පටහැනියි

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි මෛත්‍රීපාල සිරිසේනට වන්දි ගෙවන්නත් සිදු වෙයි මහත් ආන්දෝලනයකට තුඩු දුන් කොළඹ, රාජගිරිය, "Royal Park" මිනී මැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත…

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

මෛත්‍රීපාල සිරිසේනට වන්දි ගෙවන්නත් සිදු වෙයි 

Royal Park මිනී මරුවාට හිටපු ජනාපති දුන් ජනාධිපති සමාව නීතියට පටහැනියි

මහත් ආන්දෝලනයකට තුඩු දුන් කොළඹ, රාජගිරිය, "Royal Park" මිනී මැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශමන්ත ජයමහ නැමැති විත්තිකරුට ජනපති සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව හිටපු ජනාධිප මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ විත්තිකරුවා වන ජූඩ් ශමන්ත ජයමහ නැමැත්තා නිදහස් කරමින් දුන් ජනාධිපති සමාව බල රහිත බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන්ය.

දැන්වීම

ඊට අමතරව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රුපියල් ලක්ෂ 10ක වන්දියක් අදාළ පෙත්සම්කරුට ද, එසේම අගතියට පත් තරුණියගේ මවට සහ පියාට රුපියල් මිලියනය බැගින් ද වන්දි ගෙවිය යුතු බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිප මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝග කළේය.

මෙම ක්‍රියාව මගින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විට විදේශ ගතව සිටින අදාළ විත්තිකරු දේශීය සහ ජාත්‍යන්තර සම්මුතින් උපයෝගී කර ගෙන ශ්‍රී ලංකාවට යළි ගෙන්වා ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝග කළේය.

එම විත්තිකරුට ප්‍රදානය කළ ජනාධිපති සමාව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එම නිසා එම ජනාධිපති සමාව බල රහිත බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලා කාන්තා සහ මාධ්‍ය සාමූහිකය මගින් ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ලබා දෙමින් එස්.තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලය මෙම නියෝගය ප්‍රකාශයට පත් කළහ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
Royal Park මිනී මරුවාට හිටපු ජනාපති දුන් ජනාධිපති සමාව නීතියට පටහැනියි | Lanka Newsweek