අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

PHI ට කෙළ ගැසු පුද්ගලයා බන්ධනාගාරයට

PHI ට කෙළ ගැසු පුද්ගලයා බන්ධනාගාරයට

(හේමන්ත තුසිත කුමාර) නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට අඟහරුවාදා(03) කෙළ ප්‍රහාරයක් එල්ලවී තිබුණි. ඒ කොරෝනා ආසාදිත බවට සැකසහිත පුද්ගලයෙකුගේ නිවසට පැමිණි විටදීය.කෙළ…

(හේමන්ත තුසිත කුමාර)

නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට අඟහරුවාදා(03) කෙළ ප්‍රහාරයක් එල්ලවී තිබුණි. ඒ කොරෝනා ආසාදිත බවට සැකසහිත පුද්ගලයෙකුගේ නිවසට පැමිණි විටදීය.කෙළ ගැසු පුද්ගලයා 48 හැවිරිදි පුද්ගලයෙකු වන අතර එම අවස්ථාවේදී ඔහු මත්පැන් පානය කර සිට ඇත.එමෙන්ම ඔහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ගේ  රාජකාරියට බාධා කරමින් පහරදීමට ද තැත් කර ඇත. අදාළ පුද්ගලයා ගිරිඋල්ල පොලිස් වසමේ පුස්කොලදෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකි.

එම පුද්ගලයා බදාදා(04) කුලියාපිටිය අධිකරණය වෙත ඉදිරිපත් කල අතර ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
PHI ට කෙළ ගැසු පුද්ගලයා බන්ධනාගාරයට | Lanka Newsweek