Pandora Papers මගින් ලෝක හොරුන් හෙළි කෙරේ

ලොකුම හොරා ජෝර්දානයේ අබ්දුල්ලා රජුලු පවුම් මිලියන 70ක් රහසිගතව රැස් කරලා ටෝනි බ්ලෙයාර්ට සහ ඔහුගේ බිරිඳටත් දුෂණ චෝදනා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්නුත් ලෝක හොරෙක්ලු සචින් තෙන්ඩුල්කාර්ගේ නමත්…
ලොකුම හොරා ජෝර්දානයේ අබ්දුල්ලා රජුලු
පවුම් මිලියන 70ක් රහසිගතව රැස් කරලා
ටෝනි බ්ලෙයාර්ට සහ ඔහුගේ බිරිඳටත් දුෂණ චෝදනා
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්නුත් ලෝක හොරෙක්ලු
සචින් තෙන්ඩුල්කාර්ගේ නමත් Pandora Papersවල
හිටපු රාජ්‍ය නායකයන් 35ක් සහ රාජ්‍ය නිලධාරීන් 300ක් හෙළිදරව් කෙරේ

ලෝක නායකයන්, දේශපාලකයන් සහ ප්‍රකෝටිපතියන් ඇතුළු ලොව ප්‍රබලයන්ගේ අයථා මුදල් රැස් කිරීම්, බදු පැහැර හැරීම් සහ මුදල් විශුද්ධිකරණ කටයුතු ඇතුළු රහාස්‍ය ධනය සේම රහස් මූල්‍ය ගනුදෙනු ආදිය මේ වන විට ලොවට අනාවරණය වීම ආරම්භ වී ඇත.
මෙම අනාවරණය නම් කර ඇත්තේ "Pandora Papers" (පැන්ඩෝරා පත්‍රිකා) යනුවෙන් වන අතර පුරා වසර හතක් තිස්සේ රැස් කර ගත් ලිපි ලේඛන ආදිය පාදක කර ගනිමින් මෙම අනාවරණය සිදු කර ඇත්තේ විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයයි.
දැන්වීම
ගවේෂණාත්මක ජනමධ්‍යවේදීන් 650 කට වැඩි පිරිසක් සහ ලොව ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන රැසක් මෙම අනාවරණයට සම්බන්ධ වී සිටින අතර ගෝලීය මූල්‍යායතන 14කින් ලබා ගත් ලිපි ලේඛන මිලියන 11.9ක් පදනම් කර ගෙන Pandora Papers" සකස් කර තිබෙන බව ඇමෙරිකාවේ "Washington Post" සහ මහා බ්‍රිතාන්‍යයේ "The Guardian" ආදී මාධ්‍ය වාර්තා කර තිබේ. විමර්ශන මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය සමඟ එක් වී මෙම ආනවරණය සිදු කිරීම සඳහා "Washington Post" සහ "The Guardian" යන මාධ්‍ය ආයතන ද සහාය ලබා දී ඇත.
හිටපු රාජ්‍ය නායකයන් තිස් පස් දෙනකු පමණක් නොව, රාජ්‍ය නිලධාරීන් තුන්සියයකට වැඩි පිරිසකගේ රහාස්‍ය ධනය සහ රහස් මූල්‍ය ගනුදෙනු අනාවරණය වී ඇති අතර අතිශය ජනප්‍රිය නළු නිළියන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ප්‍රකට පුද්ගලයන් බොහෝ දෙනකුගේ නම් ද "Pandora Papers" මගින් හෙළිදරව් කර තිබේ.
ජෝර්දානයේ අබ්දුල්ලා රජු, බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ ඔහුගේ බිරිඳ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චෙක් අග්‍රාමාත්‍ය ඇන්රේච් බබීස් ඇතුළු රටවල් රැසක නායකන්ගේ සහ දේශපාලඥයන්ගේ රහසිගත වත්කම් සහ අයථා මුදල් ගනුදෙනු පිළිබඳ "Pandora Papers" මගින් අනාවරණය කර ඇත.
"Pandora Papers" මගින් අනාවරණ කෙරුණු ලැයිස්තුවේ ඉහළින්ම සඳහන් වන්නේ ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජුගේ නම වන අතර දෙවැනි අබ්දුල්ලා රජු බ්‍රිතාන්‍යයේ සහ අමෙරිකා එක්සත් ජනපදයේ දේපළ පවුම් මිලියන 70ක් රහසිගතව එක් රැස් කර ඇත.
බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ බිරිඳ ලන්ඩනයේ කාර්යාලයක් මිලදී ගැනීමේදී මුද්දර ගාස්තු වශයෙන් පවුම් තුන් ලක්ෂ 12,000ක් ඉතිරි කළ ආකාරය පිළිබඳ විස්තර ද හෙළිදරව් කර ඇති "Pandora Papers" කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ කැබිනට් ඇමතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සතු රහසිගත සමාගම් සේම ඩොලර් මිලියන ගණනක මුදල් පිළිබඳව ද අනාවරණය කර ඇත.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අයත් මොනාකෝ රාජ්‍යයේ රහසිගත දේපළ පිළිබඳව ද, ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්, සුපිරි පොප් ගායිකා ශකීරා ඉසබෙල් සහ ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික අනිල් අම්බානි සතු රහසිගත විදේශීය වත්කම් පිළිබඳ තොරතුරු ද "Pandora Papers" මගින් සවිස්තරාත්මකව හෙළිදරව් කර ඇත.