අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

Onmaxdt මහමොලකරු අත්අඩංගුවට..!

Onmaxdt මහමොලකරු අත්අඩංගුවට..!

Onmaxdt වෙබ් අඩවිය නිර්මාණය කිරීම සම්බන්ධව ප්‍රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය මීට ටික වේලාවකට පෙර වාර්තා කර ඇත. ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන…

Onmaxdt වෙබ් අඩවිය නිර්මාණය කිරීම සම්බන්ධව ප්‍රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇතැයි ශ්‍රී ලංකා පොලිසිය මීට ටික වේලාවකට පෙර වාර්තා කර ඇත.

ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත්කර තිබූ Onmax DT තහනම් පිරමීඩ යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීම සඳහා එහි වෙබ් අඩවිය නිර්මාණය කිරීම සහ එය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2025.02.21 වන අද දින උදෑසන කාලයේ ඩුබායි රාජ්‍යයේ සිට ගුවන් මගින් මෙරටට රැගෙන එන ලදී.

ඉහත චෝදනා සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව කොළඹ ගරු ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබූ අතර ගරු අධිකරණය මගින් ඇප මත මුදා හැර සිටියදී මෙම සැකකරු 2023 වර්ෂයේදී විදේශ ගතව ඇත.

වයස අවුරුදු 33ක් වන ගයාන් චාමර නම් මෙම සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
Onmaxdt මහමොලකරු අත්අඩංගුවට..! | Lanka Newsweek