Onmax DT පිරමීඩ වංචාවට එරෙහිව වහා පියවර ගනු

අනීතික මූල්‍ය ආයතනයක් සේම පිරමීඩ ව්‍යාපාරයක් වන Onmax DT නිසා විශාල පිරිසක් අසරණ වී ඇති බවත් දිවයින පුරාම ජනතාව මේ ජාවාරමට හසුවී ඇති නිසා රජයේ මැදිහත්වීමෙන් වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවත් විපක්ෂ…
අනීතික මූල්‍ය ආයතනයක් සේම පිරමීඩ ව්‍යාපාරයක් වන Onmax DT නිසා විශාල පිරිසක් අසරණ වී ඇති බවත් දිවයින පුරාම ජනතාව මේ ජාවාරමට හසුවී ඇති නිසා රජයේ මැදිහත්වීමෙන් වහාම ක්‍රියාමාර්ග ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අඟහරුවාදා (14) අවධාරණය කළේය.
මීට පෙර ක්‍රියාත්මක වූ "Online"ණය දෙන සමාගම්වලට එරෙහිව රජය පියවර ගත්තා සේ මෙම පිරමීඩ ජාවාරම්වලට එරෙහිවත් පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේය.
ඊශ්‍රාලය හිට්ලර්ට නොදෙවෙනි රාජ්‍ය ත්‍රස්තවාදයක් පලස්තීනයට එරෙහිව ක්‍රියත්මක කරනවා
මේ මොහොතේ පවා පලස්තින ජනතාව දැවැන්ත ත්‍රස්තවාදයකට මුහුණ දෙන බවත් ඉතිහාසයේ පවා ඇඩොල්ෆ් හිට්ලර් යුදෙව් ජාතිකයන් අමානුෂීය ලෙස ඝාතනය කරමින් සිදු කළ ත්‍රස්තවාදයේ පැතිකඩක් ඊශ්‍රායලය සිදු කරන බවත් මේ එල්ල කර නින්දිත, පහත් සහ මිලේච්ඡ ප්‍රහාර තරයේ හෙලා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
දැන්වීම
මේ ප්‍රහාර නැවැත්වීමට ගත යුතු පියවර ගැනිමට කොන්දේසි විරහිතව සහයෝගය ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බොහෝ නායකයන් තමා සිටී අන්තවාදී ස්ථානවලින් මැද තැනකට පැමිණි බවත් තිරසර විසඳුමකට පැමිණි බවත් මේ රටවල් දෙක මිත්‍රත්වයෙන් සහ සහයෝගයෙන් සිටිය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
වත්මන් ඊශ්‍රායල් රජය පලස්තීන ජනතායගේ භුමිය ආක්‍රමණය කර නව ජනපද නිර්මාණය කර ගාසා තීරයේ ජනතාව නැති කිරීමට උත්සාහ කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.
රෝහල්වලට සහ පාසල්වලට බෝම්බ දැමීම සිදු කරන බවත් ලෝක ප්‍රජාව කියන දේ නො අසා සිදු කරන මේ ත්‍රස්තවාදය තරයෙ හෙලා දකින බවත් නෙටන්යාහු අගමැතිවරයා ප්‍රමුඛ රජය අන්තවාදී ස්ථාවරයක සිට කරන මේ ත්‍රස්තවාදය නතර කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
හෙද නිලධාරින්ගේ නව බඳවා ගැනීම් කඩිනම් කරනු
හෙද නිලධාරීන් ලෙස 2019/2020 කාලයේ පිටවූ 3000කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගෙන ඇති නමුත් තව 3000කට ආසන්න සංඛ්‍යාවක් බඳවා ගැනීමට නියමිත බැවින් මේ බඳවා ගැනීම් කඩිනම් කරන ලෙස ස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියේය.
Covid-19 වසංගතය සහ රටේ බංකොලොත්භාවය නිසා මෙම බඳවා ගැනීම් ප්‍රමාද වූ බැවින් මෙම බඳවා ගැනීම් කඩිනම් කළ යුතු බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
මීගමු රෝහලේ අඩුපාඩු රැසක් තිබෙනවා
මීගමුව රෝහලට හුස්ම වැඩ සටහන යටතේ Bubble CPAP Machine යන්ත්‍රයක් නොමේරු ළදරු ඒකකයට පරිත්‍යාග කිරීමට ගිය අවස්ථාවේ එහි CT Scan යන්ත්‍රයක අවශ්‍යතාවක් ඇති බව දැන ගන්නට ලැබුණු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
එසේම ශල්‍යකර්ම කිරීම සඳහා පහසුකම් නොමැති වීම හේතුවෙන් එම ශල්‍ය කාර්ම ද පමා වී ඇති නිසා මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කළ යුතු බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් සඳහන් කළේය.