අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

Online පනත විවාදයට ගැනීම වහාම කල් තබනු

Online පනත විවාදයට ගැනීම වහාම කල් තබනු

විපක්ෂ නායක කතානායකගෙන් ලිඛිතව ඉල්ලයි "මාර්ග ගත ක්‍රමවේදවල සුරක්ෂිතභාවය" පිළිබද පනත් කෙටුම්පත විවාදයට ගැනීම වහාම කල් තබන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන්…

විපක්ෂ නායක කතානායකගෙන් ලිඛිතව ඉල්ලයි 


"මාර්ග ගත ක්‍රමවේදවල සුරක්ෂිතභාවය" පිළිබද පනත් කෙටුම්පත විවාදයට ගැනීම වහාම කල් තබන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් විශේෂ ලිඛිත ඉල්ලීමක් සිදු කර ඇත. 

ජනතාවගේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස දැඩි ලෙස සීමා කරමින් ආණ්ඩුව ගෙන එන "මාර්ග ගත ක්‍රමවේදවල සුරක්ෂිතභාවය" පිළිබඳ පනත් කෙටුම්පතෙහි බහුතරයක් වගන්ති සඳහා සංශෝධන ඉදිරිපත් නොකරන්නේ නම් එම පනත විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ද තීන්දු කර ඇති බව සජිත් ප්‍රේමදාස මහතා සිය ලිපිය මගින් කතා නායකවරයා වෙත පෙන්වා දී තිබේ. 

මෙම පනත් කෙටුම්පතට එරෙහිව මේ වන විට පාර්ශ්වයන් රැසකගෙන් විරෝධය එල්ල වී තිබීම හමුවේ ඊට අදාළ සංශෝධන ඉදිරිපත් කිරීම සදහා සාධාරණ කාලයක් ලබා දෙන ලෙස ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ලිපිය මගින් කතානායකවරයාගෙන් වැඩි දුරටත් ඉල්ලා ඇත.

Online පනත විවාදයට ගැනීම වහාම කල් තබනු

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
Online පනත විවාදයට ගැනීම වහාම කල් තබනු | Lanka Newsweek