අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

Online පනත තදින් ක්‍රියාත්මක කෙරේ-සමාජ මාධ්‍යට වැට..?

Online පනත තදින් ක්‍රියාත්මක කෙරේ-සමාජ මාධ්‍යට වැට..?

රටේ සහ ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් වන අන්තර්ජාල අපරාධ වර්ධනය වීම වැළැක්වීම සඳහා අන්තර්ජාල ආරක්ෂණ පනත දැඩිව ක්‍රියාත්මක කරන බව මහ ජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කර සිටියි. මෙම පියවර ගැනීමට…

රටේ සහ ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් වන අන්තර්ජාල අපරාධ වර්ධනය වීම වැළැක්වීම සඳහා අන්තර්ජාල ආරක්ෂණ පනත දැඩිව ක්‍රියාත්මක කරන බව මහ ජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කර සිටියි. 

මෙම පියවර ගැනීමට රජය තීරණය කර ඇත්තේ, සමාජ මාධ්‍ය හරහා විවිධ පුද්ගලයන් සේම විශේෂයෙන්ම රටේ තරුණ පරපුර අන්තරායකර තත්ත්වයන්ට පත්වීම වැළැක්වීම සඳහා බව ද මහ ජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පෙන්වා දෙයි.  

සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම්, ප්‍රචණ්ඩත්වය සහ සමාජ අසහනය වැඩි කිරීමට හේතු වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දැන්වීම

මෙම අකටයුතුකම් අතරට, කප්පම් ගැනීම්, අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම, කාන්තාවන්ගේ ඡායාරූප කෘත්‍රිම බුද්ධිය (AI) යොදා ගෙන විකෘති කිරීම, සහ පාසල් දූ දරුවන්ට අසභ්‍ය දර්ශන ඇතුළු හානි කර වීඩියෝ පට බෙදා හැරීම වැනි ක්‍රියාකාරකම් ඇතුළත් වන බව ද ඔහු කියා සිටියි. 

මහ ජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩි දුරටත් සඳහන් කළේ, සිය ඡායාරූපයක් ද කෘත්‍රිම බුද්ධිය යොදා ගෙන විකෘති කර සමාජ මාධ්‍යට මුදා හැර ඇති අතර ඒ පිළිබඳව දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න