Online පනතට නාමල් රාජපක්ෂගේ සහය

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට වගකීමක් තිබේ නම් පනතට බිය විය යුතු නැහැ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය යම් ප්‍රමාණයකට නියාමනය කළ යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්ථාවරය යැයි එම පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික්…
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට වගකීමක් තිබේ නම් පනතට බිය විය යුතු නැහැ
ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය යම් ප්‍රමාණයකට නියාමනය කළ යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්ථාවරය යැයි එම පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.
"පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම කෙරෙහි අප අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා මේ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍යයි" යනුවෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියි.
සමාජ මාධ්‍යවල හුවමාරු වන තොරතුරු, ප්‍රවෘත්ති හෝ පළ කිරීම් සම්බන්ධයෙන් වග කියන ඕනෑම පුද්ගලයෙකු අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතට බිය වීමට හේතුවක් නොමැති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
දැන්වීම
විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු සියලුම මන්ත්‍රීවරුන් "මාර්ග ගත ක්‍රමවේදවල සුරක්ෂිතභාවය" පිළිබද පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද හිටපු ඇමති නාමල් රාජපක්ෂ මහතා විශ්වාසය පළ කර සිටියි.
"මාර්ග ගත ක්‍රමවේදවල සුරක්ෂිතභාවය" පිළිබද පනත් කෙටුම්පත බදාදා (ජනවාරි 24) පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට අපේක්ෂා කෙරේ.