Online ණය මාෆියාවට එරෙහිව විපක්ෂ නායක සටන අරඹයි

මත්ද්‍රවය මාෆියාවට සේම Online ණය මාෆියාවට ද තිත තැබිය යුතුයි Online ණය මාෆියාවට අබ සරණයි..! රටේ මත්ද්‍රවය මාෆියාව විනාශ කිරීමට යම් පියවරක් ගන්නවා නම් ඒ හා සමානවම මේ Online ණය මාෆියාව මේ රටේ ජනතාවට…
මත්ද්‍රවය මාෆියාවට සේම Online ණය මාෆියාවට ද තිත තැබිය යුතුයි
Online ණය මාෆියාවට අබ සරණයි..!
රටේ මත්ද්‍රවය මාෆියාව විනාශ කිරීමට යම් පියවරක් ගන්නවා නම් ඒ හා සමානවම මේ Online ණය මාෆියාව මේ රටේ ජනතාවට කරන අපරාධය ද නතර කිරීමට ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව කටයුතු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, Online ණය මාෆියාව ජනතාවට කරන අපරාධය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් වන අතර එහිදී ඒ මහතා මෙසේ ද පැවසීය.
අපේ රටේ Online ණය මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා.මේ මාෆියාව පිළිබඳව අප පාර්ලිමේන්තුවේ සහ ජන සමාජයේ කරුණු ඉදිරිපත් කරමින් ඊට විරෝරෝධය දක්වා තිබෙනවා. මේ මාෆියාව ආරම්භ වුණේ "Cash Wagan" ව්‍යාපෘතිය හරහායි. මේ Online ණය මාෆියාව ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි වෙන්නේ නැහැ.
දැන්වීම
ඒ අය මේ රටේ මහා බැංකුවේ ලියාපදිංචි නොවී පුද්ගලික ධනය උපයෝගී කර ගෙන අධික පොලියක් අය කරමින් අමුතුම ක්‍රමවලට අහිංසක ජනතාවට ගිනි පොලියක් යටතේ ණය ලබා දී ඉතාම නිර්දය සහ අසික්කිත අයුරින් ජනතාව සූරා කනවා. මේ ආණ්ඩුව ඊට එරෙහිව පියවර නොගන්නේ ඇයි..?
මේ Online ණය මාෆියාව ගසා කන්නේ සහ උදුරා ගන්නේ මේ රටේ වැඩ කරන අහිංසක ජනතාවගේ සල්ලි. මේ ප්‍රශ්නයට ලබා දෙන උත්තරය වන්නේ මේ ආයතන ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි නැති නිසා ඊට එරෙහිව පියවර ගත නොහැකි බවයි. මේ රටේ මත්ද්‍රවය මාෆියාව විනාශ කිරීමට යම් පියවරක් ගන්නවා නම් ඒ හා සමානවම මේ Online ණය මාෆියාව මේ රටේ ජනතාවට කරන අපරාධය ද නතර කිරීමට ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුව කටයුතු කළ යුතුයි.