අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

Mr Clean - අත් අඩංගුවට..!

Mr Clean - අත් අඩංගුවට..!

දශක 50 ක සිය දේශපාලන ගමන්මගේ, කිසිඳු අධිකරණයක චුදිතයෙකු නොවු, රාජ්‍යය පාලනයේ, මන්ත්‍රී වරයෙක්, අමාත්‍යවරයෙක්, විපක්ෂ නායකවරයෙක්, අග්‍රා්මාත්‍යවරයෙක්, ජනාධිපතිවරයෙක් ලෙස අවස්ථා ගණනාවක පත්වෙමින්, වචනයේ…

දශක 50 ක සිය දේශපාලන ගමන්මගේ, කිසිඳු අධිකරණයක චුදිතයෙකු නොවු, රාජ්‍යය පාලනයේ, මන්ත්‍රී වරයෙක්, අමාත්‍යවරයෙක්, විපක්ෂ නායකවරයෙක්, අග්‍රා්මාත්‍යවරයෙක්, ජනාධිපතිවරයෙක් ලෙස අවස්ථා ගණනාවක පත්වෙමින්, වචනයේ පරිසමාප්තියෙන්ම වැටුප් නොලබා, එකදු වාහන බලපත්‍රයක්, තකතුරට හිමි නොවු, කිසිඳු වරප්‍රසාදත් නොලබා, ගරැ සේවයක් ඉටුකරමින් සිටින, ශ්‍රී ලාංකේය දේශපාලන වංශකථාවෙි, නොකිලිටි, නොකැලැල් දේශපාලන පෞරැෂත්වය අද (22) මුල්‍යය අපරාධ විමර්ශන (FCID) යට කැදවා තිබෙි.

ඔහු ශ්‍රී ලාංකේය දේශපාලන වංශකථාවෙි,

එක් දීර්ඝතම පරිච්ඡේදයකි,

දැන්වීම

එම කැදවීම සිදුකෙරෙනවාත් සමගම,

"මාලිමාවෙි" සේදුමි බලකාය, අපුල්ලන මෙහෙයුම් ඒකකය පස්වනක් ප්‍රීතියෙන් ප්‍රමුදිතව, සමාජ මාධ්‍යට පුරෝකථන මුදාහැර තිබුණි. එය හොරට කලින් කෙහෙල්මුව වැට පැන්නාක් මෙන් වැඩකි.

සමාජ මාධ්‍යය ක්‍රියාකාරී සුදත්ත තිලකසිරි විසින් අද දින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහව අනිවාර්ය අත්අඩංගුවට පත්වීමක් පිලිබඳව සපත කලේ, එය පැලවත්තේ සැලස්ම පොලීසිය ලවා ක්‍රියාත්මක කරවීම තහවරු කරන්නාක් මෙනි. 

මෙි රටෙි ජනමතයකින් තොරව තමන්ට ලැබුණු සීමිත අවස්ථාවන් ප්‍රයෝජනයට ගනිමින්, අල්ලසට, දුෂනයට, වංචාවට එරෙහිව පනත් රැසක් ව්‍යවස්ථදායකය තුල සමිමත කළ, එම අනපනත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරවීම සදහාම වන ආයතන රැසක් ඇති කළ, ඒ අද්විතීය දේශපාලන පෞරැෂත්වය, Mister Clean,

අද (22)  FCID ය ඉදිරියේ පෙනී සිටීමෙන් පසු අත් අඩංගුවට ගෙන තිබේ.

ඔහු තමයි,

FCID එක හැදුවෙි,

ඔහු තමයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හැදුවෙි,

ඔහු තමයි මහා පරිමාන දූෂණ වංචා විභාග කිරීම සදහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ හැදුවෙි,

ඔහු තමයි ලෝකයම පිලිගන්නා බලවත් දුෂන විරෝධී පනත පාර්ලිමේන්තුවෙි සම්මත කර, නීතිගත කලේ.

ඔහු තමයි රටෙි මහජන සුභසිද්ධිය වෙනුවෙන් අනපනත් සියයකට වැඩි ගණනක් පාර්ලිමේන්තුවෙි සමිමත කරමින් නීතියේ ආධිපත්‍යය තහවුරැ කලේ.

එහෙම විනයගරැක රටක් හදන්න තම ජීවිත කාලයම කැපකර, වැඩකල, ඒ කීර්තිමත් රාජ්‍යතාන්ත්‍රිකයා, අද FCID ය මගින් අත් අඩංගුවට ගෙන තිබෙි.

නීතිය සැමට පොදුවිය යුතුයි, අපි එයට එකහෙලාම එකඟයි, නමුත් මෙි සිදුවීමි මාලාව හරහා⁣ කෙරෙන විරැද්ධ මත දරන දේශපාලන මතධාරීන්, මහජන නියෝජිතයින්, රාජ්‍යනායකයින් දඩයම, රටෙි සමස්ථ පුරවැසියන්ට රහසක් නොවන බව ආණ්ඩුව මතක තබා ගත යුතුයි.

ඔහු පැමිණියේ රටෙි නීතියට හිස නමා අවශ්‍යය කරන නීතිකෘත්‍යට සහාය දීම සදහායි. රනිල් වික්‍රමසිංහ, FCID යට. ඔහු අධිකරණයට පිටුපා යන බියගුල්ලෙකු නොවන බව ඔහුගේ පැමිණීම ස්තීරවම පිලිතුරැ ලබා දී ඇත.

අවසාන වශයෙන් "ධර්මය රකින්නා, ධර්මය විසින්ම රැකදේ" 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න