Monash සරසවියට එදා ශ්‍රී ලංකාවට එන්න ඉඩ දුන්නා නම් අද IMF යන්න අවශ්‍ය වන්නේ නැහැ

ඒ ආයෝජන රටට නැති කළේ ජවිපෙ ආර්ථික ඝාතකයින් -මනූෂ නානායක්කාර- මීට වසර පහළොවකට පෙර ඕස්ට්‍රේලියාවේ "Monash" සරසවියේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ විවෘත කිරීමට ආයෝජකයින් පැමිණි මොහොතේ ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික…
ඒ ආයෝජන රටට නැති කළේ ජවිපෙ ආර්ථික ඝාතකයින්
-මනූෂ නානායක්කාර-
මීට වසර පහළොවකට පෙර ඕස්ට්‍රේලියාවේ "Monash" සරසවියේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ විවෘත කිරීමට ආයෝජකයින් පැමිණි මොහොතේ ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික ඝාතකයින් ඒ ආයෝජකයින්ට විරෝධය දක්වා ඒ අය රටෙන් පැන්නූ බවත් ඒ හේතුවෙන් රටට හිමි වීමට තිබූ විශාල ආදයමක් අහිමි වූ අතර එම සරසවි ශාඛාව පිහිටුවා තිබුණේ නම් ශ්‍රී ලංකාවට වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑමට සිදු නොවනු ඇති බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා "ජය ගමු ශ්‍රී ලංකා" ත්‍රිකුණාමලය දිස්ත්‍රික් වැඩ සටහනට සහභාගි වෙමින් අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවෙන් එළවා දැමීමට කටයුතු කළ "Monash" සරසවිය පිහිටි මැලේසියාව එම විශ්ව විද්‍යාලයෙන් උපයන ආදායම ශ්‍රී ලංකාවට අහිමි වීමට ඉඩ සැලසූ ජනතා විමුක්ති පෙරමුණේ වාමාංශිකයින් මේ සඳහා වග කිව යුතු බවත් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා එහිදී චෝදනා කළේය.
"මීට අවුරුදු පහළොවකට ඉස්සෙල්ලා ඕස්ට්‍රේලියාවෙ තියෙන ප්‍රබලතම විශ්ව විද්‍යාලයක් වන මොනෑශ් විශ්ව විද්‍යාලය එන්න සූදානම් වුණාම ශ්‍රී ලංකාවේ ශාඛාවක් පිහිටුවන්න. එතකොට ජනතා විමුක්ති පෙරමුණේ උදවිය 'පෞද්ගලික විශ්ව විද්‍යාල එපා' කියලා ඒ අය එළවල දැම්මා ශ්‍රී ලංකාවේ හදන්න නොදී. එම ආයෝජකයින් මැලේසියාවට ගියා. ආරම්භක විශ්ව විද්‍යාලයක් මැලේසියාවේ ආරම්භ කළේ. මැලේසියාවේ සම්පූර්ණ ජාතික ආදායමට ඩොලර් බිලියන දෙසීය හතළිහක් මේ වෙන කොට මේ විශ්ව විද්‍යාල පද්ධතිය නිසා හම්බ වෙලා තියෙනවා. මැලේසියාවේ විශ්ව විද්‍යාල රැසක් සමග විශ්ව විද්‍යාල මධ්‍යස්ථානයක් බවට මැලේසියාව පත් වෙලා තියෙනවා. ඒ අවස්ථාවට පයින් ගහලා මොනෑශ් විශ්ව විද්‍යාලය අපේ රටෙන් එළවල දැම්මේ මේ රටේ ආර්ථික ඝාතකයෝ. අද මේ රටේ අම්මල තාත්තලා පිටරටවල ගිහිල්ල දුක්විඳලා, අපි ඉල්ලුවාම සල්ලි ටික එවන්නේ, ඩොලර් ටික එවන්නේ, පිටරට ගිහිල්ලා දුක් විඳින්නේ ඒ නිසයි. මේ මාස ගාණටම ඔවුන් ඩොලර් බිලියන දොළහක් එව්වා. ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ණය ඩොලර් බිලියන හැත්ත අටයි සියල්ල. මැලේසියාවට ගිය මොනෑශ් විශ්ව විද්‍යාලය මීට අවුරුදු පහළොවකට ඉස්සෙල්ලා අපිට ශ්‍රී ලංකාවට තියා ගන්න පුළුවන් වුණා නම් අද ශ්‍රී ලංකාවට IMF යන්න අවශ්‍ය වන්නේ නැහැ. දරුවන් තනි කරලා අම්මලාට තාත්තලට රට යන්න සිදු වන්නේ නැහැ. පිටරටින් විදේශ විනිමය අපට එන්නේ අධ්‍යාපන මධ්‍යස්ථානයක් විදියට. ඒක අපිට නැති කළේ ජවිපෙ ආර්ථික ඝාතකයෝ."
දැන්වීම
ත්‍රිකුණාමලය මැක් හෙයිසර් ක්‍රීඩාංගණයේ පැවති විගමනික ශ්‍රමික හරසර අවස්ථාවට සහභාගි වෙමින් මේ බව කී මනූෂ නානායක්කාර අමාත්‍යවරයා එහිදී මෙසේද ප්‍රකාශ කළේය.
"අද දවස වෙන්වෙලා තියෙන්නේ විදේශීය ශ්‍රමිකයන්ගේ දරුවන් වෙනුවෙන්. අපි අපේ වීඩියෝවලින් විදේශගත ශ්‍රමිකයන්ගේ අම්මලා තාත්තලාට තමයි කිව්වේ රටට සල්ලි එවන්න. අපිට තෙල්, ගෑස්, බෙහෙත්, කිරිපිටි ගන්න විදිහක් නෑ, ලයිට් දෙන්න විදිහක් නෑ. ඒ නිසා අමාත්‍යාංශය භාර ගත්තු ගමන් අපිට ඩොලර් එවන්න කියලා අපි ආයාචනය කළේ. අපේ හිතවතුන්ගෙන් සල්ලි එකතු කරන් දැන්වීම් හැදුවේ. එහෙම කරලා අමාත්‍යාංශය භාර ගත්තු දවසේ ඉඳලා මේ වෙන කොට ඩොලර් බිලියන 11ක් අපේ රටට ගෙනාවා.
ඩොලර් බිලියන විස්සට වැටිච්ච අපේ භාණ්ඩාගාරයේ, තෙල් ටැංකියකට ගෙවා ගන්න ඩොලර් මිලියන 50ක් නැති වුණ අපිට ඩොලර් බිලියන 11ක් ගෙනත් දීපු ඒ අම්මල තාත්තලාගේ දරුවෝ තමයි අද දවසෙදි උපහාර ලබන්නේ. නැගෙනහිර පළාතේ වීරෝධාර කියන්න ඕන ඔබට. උත්තමාචාරය පුදන්න ඕනේ ඔබට. ඔබයි රටට ඕන කරන මූලික හයිය දුන්නේ. නැගෙනහිර පළාත එතැනින් සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා.
විජය රජ්ජුරුවන්ගෙන් පස්සේ ඔහුට පුතෙක් හිටියේ නැති නිසා ඔහුගේ ඇවෑමෙන් රජකම හම්බ වුණේ පඬුවස් දෙව් රජුට. ඒ රජ්ජුරුවෝ ගොඩ බැස්සේ මේ ගෝකන්න හෙවත් ත්‍රිකුණාමල වරායට. ඒ ක්‍රිස්තු පූර්ව 1504දි. ඒ කාලේත් ත්‍රිකුණාමලය වරාය ලෝකයේ අවධානය යොමු වෙච්ච තැනක්. ක්‍රිස්තු පූරව යුගයේ ඉඳලම ප්‍රසිද්ධ වරායක් වෙච්ච මේ වරායෙන් බ්‍රිතාන්‍ය අධිරාජයෝ විවිධ අවස්ථාවලදී, දෙවන ලෝක යුද්ධෙදිත් මහ දැවැන්ත සහයෝගයක් ලබා ගත්තා. අවසානයේදී ඔවුන් වරාය දාලා යද්දී අපිට මහ විශාල සම්පතක් වන තෙල් ටැංකි ටික අපට දීලා ගියා.
හැබැයි අපේ දේශපාලන කඹ ඇදිලි නිසා ඒ තෙල් ටැංකි ටික දිරන්න ඇරලා, මුළු ලෝකෙටම තෙල් බෙදන මධ්‍යස්ථානයක් හැටියට ත්‍රිකුණාමලය තියා ගන්න පුළුවන්කම තියා ගෙන ඒක නැති කර ගත්තා. අපේ වාමාංශික පිරිස තමයි ඕකට කෑ ගැහුවේ. වාමාංශික ව්‍යාපාර හැම තිස්සෙම මේවට විරුද්ධව කෑ ගහලා මේක තෙල් ලෝක මධ්‍යස්ථානයක් කරන්න තිබ්බ අවකාශය අපිට නැති කළා. අදටත් එහෙමනේ ඔය රතු මල්ලිලා කෑ ගහන්නේ. එදා ඒ වෙලාවේ තෙල් ටැංකි ටික බ්‍රිතාන්‍ය සමාගමත් එක්ක එකතු වෙලා කරන්න තිබිච්ච එක නතර කරලා තෙල් සංස්ථාවේ ඒකාධිකාරය තෙල් සංස්ථාවට දුන්නා. එතකොට තෙල් ටැංකි ටික බහිරවයෝ ගාවට ගියා වගේ ටැංකි ටික ගිල ගත්තා. එයට නැවත වතාවක් ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්න ඉඩ දුන්නේ නැහැ.
එදා ඒ වෙන කොට සිංගප්පූරු වරායක් ගොඩනැගිලා තිබුණේ නැහැ. සිංගප්පූරුව ලෝක වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත්වෙලා තිබුණේ නැහැ. අද ඒක අපි සිංගප්පූරුවට දීලා එදා ශ්‍රී ලංකාව බලා ගෙන සිංගප්පූරුව හදමු කියපු ලී ක්වාන් යූ ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරයට ස්තුති කළා වගේම අද සිංගප්පූරුව ලෝකයේ තෙල් වෙළඳ මධ්‍ය්ස්ථානය බවට පත්වෙලා. අපේ රටේ හැම එකක්ම ජාතික සම්පත් කිය කියා, මේක යකඩ වෙන්න ඇරලා ඒ වාමාංශික ව්‍යාපාර ඉතිහාසයේ හැම දේකටම කළා වගේම මේ කළ ඒවා තමයි ඇත්ත ආර්ථික ඝාතන. දැන් කියනවා ආර්ථික ඝාතකයෝ කියන්නේ ඉලෝන් මස්ක් කියලා. ඉල්ලෝන් මස්ක් නෙමේ, මේ තමයි සැබෑ ආර්ථික ඝාතකයෝ මේ රට ගොඩනැගෙන්න නොදීපු.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා ත්‍රිකුණාමලය අද වෙනස් කරන්න සූදානම් වෙන්නේ තෙල් ටැංකි, සංචාරක කර්මාන්තයේ ඉඳලා සියල්ල අරගෙන නැවත වතාවක් ක්‍රමෝපාය සංවර්ධන නගරයක් හැටියට. මේ සියල්ල නැති කරලා දැම්මේ ඒ ආර්ථික ඝාතකයෝ තමයි.
මේ ත්‍රිකුණාමලයේ සිංහල, මුස්ලිම්, දෙමළ සියලු දෙනා සහෝදරත්වයෙන් ජීවත් වන දිස්ත්‍රික්කයක්. සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා ප්‍රශ්නයක් නැතුව සහෝදරත්වය ලෝකයට ප්‍රකාශ කරන සහෝදරත්වයේ ප්‍රතිමූර්තයක් තමයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය.
ශ්‍රී ලංකාවේ තිබුණ හොඳම පාපන්දු කණ්ඩායම තිබුණෙ ත්‍රිකුණාමලයේ. ඒ පාපන්දු කණ්ඩායමේ සිංහලත් හිටියා, දෙමළත් හිටියා, මුස්ලිමුත් හිටියා. ශ්‍රී ලංකාව දිග්විජය කරන්න, ඒ කප් උස්සන්න ත්‍රිකුණාමලයේ සහෝදරත්වයට පුළුවන්කම හම්බ වුණා. මේ ලස්සන වෙරළ තීරය සංචාරකයන්ට පාරාදීසයක්. නිලාවේලි වෙරළ තීරය, පරවි දූපත, මාවෙල් බීච් කිව්වත් තිබුණේ ලස්සනමයි. අතාවුල්ලා ඇමතිතුමා ආඩම්බරෙන් කිව්වෙ මේ මගේ ලස්සන නැගෙනහිර පළාත කියලා. මෙහි මාළු දෙන්න පුළුවන් ධීවර සම්පත බොහොම ශක්තිමත්. බොහෝ දෙනා දකුණෙන් තමයි ධීවර කර්මාන්තයට ඇවිල්ල තියෙන්නෙ. කාල ක්‍රමයට එහෙන් මෙහෙන් දෙපැත්තට මාරු වෙන ගාල්ල, මාතර, මිරිස්ස පැත්තෙ බොහෝ පිරිස් මේ පළාත්වල ඉන්නවා. අපේ නෑකම් බොහෝ සෙයින් මේ නැගෙනහිර පළාත එක්ක තියෙනවා. ඒ සබඳතාවය ශක්තියෙන් ගොඩ නගන්න පුළුවන් දිස්ත්‍රික්කයක් තමයි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය.
දේශපාලනයෙදි ගන්න වැරදි තීරණ හරියට ක්ෂය රෝගය වගේ. මොකද ක්ෂය රෝගය හඳුන ගන්න ලේසියි. හඳුන නොගත්තොත් හොඳ කරන්න අමාරුයි. දේශපාලනයේදීත් කරන වැරදි - වැරදි කියල පේන්නෑ. සමහර වෙලාවට අඳුර ගන්න අමාරුයි. ඒ වැරදි නිසා ලෙඩ හොඳ කරන්න සෑහෙන්න කාලයක් ගත වෙනවා. දේශපාලනයට ඒ වගේ උදාහරණයක් මම කිව්වේ.
අපි උතුර, දකුණ, නැගෙනහිර, බටහිර කියලා, 1956 සිංහල රාජ්‍ය භාෂාව කියන කොට බොහොම ආසාවෙන් අහු වුණා. මධ්‍ය මහා විද්‍යාලවල තිබ්බ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම නතර කරලා දැම්මා. අද අපිට සිංහලෙන්, දෙමළෙන් දෙකෙන්ම කතා කරන්න වෙලා තියෙන්නේම ඒ නිසා. මම කියන දේ මෙතන බහුතරයකට තේරෙන්නේ නෑ. මෙතන බහුතරයක් කියන දේ මට තේරෙන්නේ නැහැ. එදා ලෙඩේ හැදෙන කොට ලෙඩේ මෙච්චර දරුණුයි කියලා අපි දැන ගෙන හිටියේ නැහැ. පස්සේ පුස්තකාල ගිනි තියලා නොයෙක් ගැටලු ඇති වෙලා, බන්ධනාගාර කඩා ගෙන උතුරට ඇවිල්ලා, ළමා සොල්දාදුවන්ට පළමුවෙන් උගන්නලා, එතනින් පටන්ගත් යුද්දෙ අවුරුදු තිහක් තිබිලා රට ආපස්සට ගිහිල්ලා පොඩ්ඩ පොඩ්ඩ තමයි එහි හානි පූරණය දැන් කර ගනිමින් සිටින්නේ. මේවා ඉතිහාසයෙ ඉඳලා පටන් ගත් ප්‍රශ්න.
අපි ශ්‍රී ලංකාව විදිහට බොහෝ විට රැළිවලට අහු වෙලා වැරදි තීන්දු අරගෙන හැමෝම පසුව පසු තැවුණා. මේ වැරදි තීන්දු එකක් මම මතක් කරනවා. මීට අවුරුදු පහළොවකට ඉස්සෙල්ලා ඕට්‍රේලියාවෙ තියෙන ප්‍රබලතම විශ්ව විද්‍යාලයක් වන මොනෑශ් විශ්ව විද්‍යාලය එන්න සූදානම් වුණාම ශ්‍රී ලංකාවේ ශාඛාවක් පිහිටු වන්න. එතකොට අපේ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ උදවිය 'පෞද්ගලික විශ්ව විද්‍යාල එපා' කියලා ඒ අය එළවල දැම්මා ශ්‍රී ලංකාවේ හදන්න නොදී. එය මැලේසියාවට ගියා. ආරම්භක විශ්ව විද්‍යාලයක් මැලේසියාවේ ආරම්භ කළේ. මැලේසියාවේ සම්පූර්ණ ජාතික ආදායමට ඩොලර් බිලියන දෙසීය හතළිහක් මේ වෙන කොට විශ්ව විද්‍යාල පද්ධතිය නිසා හම්බ වෙලා තියෙනවා. විශ්ව විද්‍යාල රැසක් සමග විශ්ව විද්‍යාල මධ්‍යස්ථානයක් බවට මැලේසියාව පත් වෙලා තියෙනවා. ඒ අවස්ථාවට පයින් ගහලා මොනෑශ් විශ්ව විද්‍යාලය අපේ රටෙන් එළවල දැම්මේ මේ රටේ ආර්ථික ඝාතකයෝ.
අද මේ රටේ අම්මල තාත්තලා පිටරටවල ගිහිල්ල දුක් විඳලා, අපි ඉල්ලුවාම සල්ලි ටික එවන්නේ, ඩොලර් ටික එවන්නේ, පිටරට ගිහිල්ලා දුක් විඳින්නේ ඒ නිසයි. මේ මාස ගාණටම ඔවුන් ඩොලර් බිලියන දොළහක් එව්වා. ඊට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ණය ඩොලර් බිලියන හැත්ත අටයි සියල්ල. මැලේසියාවට ගිය මොනෑශ් විශ්ව විද්‍යාලය මීට අවුරුදු පහළොවකට ඉස්සෙල්ලා අපිට ශ්‍රී ලංකාවට තියා ගන්න පුළුවන් වුණා නම් අද ශ්‍රී ලංකාව IMF යන්න ඕන වෙන රටක් නෙමෙයි. දරුවන් තනි කරලා අම්මලා තාත්තල රට යන්න ඕන රටක් නෙමෙයි. පිටරටින් විදේශ විනිමය අපට එන්නේ අධ්‍යාපන මධ්‍යස්ථානයක් විදියට.
ඒක අපිට නැති කළේ අර ආර්ථික ඝාතකයෝ. ඒකයි මං කිව්වේ හැදිච්චි ලෙඩේ ඒ වෙලාවේ අපිට තේරුනේ නෑ. අද අපිට විඳින්න වෙලා තියෙන විපාකවලට ඒ අය තමයි වග කියන්න ඕනේ. අපි ඒ වගේ වැරදි තීන්දු ආයෙත් ගත්තොත් ජාතියක් විදියට අපි ඉතාම විනාශකාරී තත්ත්වයකට යනවා. නිවැරදි තීරණ ගත්තේ නැත්නම් ආයෙත් අපිට තීන්දු තීරණ ගන්න රටක් විදියට හයියක් ඉතුරු වෙන්නෙ නෑ.
අහල තියෙනවාද කතාවක් දෙමව්පියන් ඇඹුල් මිදි කෑවම දරුවන්ගේ දත් හිරි වැටෙනවා කියලා. අද අපි වැරදි තීරණ ගත්තොත් රටක් හැටියට අපේ දරුවන්ට තමයි ඒකේ පළ විපාක හම්බ වෙන්නේ. මම ඒක කිව්වේ ඒකයි. අද අපි රට ගිය දරුවන්ට උපහාර දක්වනවා. ශිෂ්‍යත්ව දෙනවා. ව්‍යවසායකයින්ට ව්‍යවසායකත්වයට උදව් කරනවා. අද අපි ත්‍රිකුණාමලයට මේවා අරන් එනකොට ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, කපිල අතුකෝරල මන්ත්‍රීතුමා, දේශපාලන අධිකාරියේ සියලු දෙනා අපි මතක් කරනවා. මේ සම්මන්ත්‍රණය ඉවර කරලා යන්න නෙවෙයි අපි ආවේ. අපේ ඇමතිතුමා කිව්වා වගේ වෘත්තීය පුහුණුවට ස්මාට් වැඩ්ඩන් වැඩසටහන සඳහා තරුණයන් බඳවා ගන්න. වෘත්තීය පුහුණුව සඳහා නොමිලේ ජනාධිපති අරමුදලින් පුහුණුව දෙන්න මේ තරුණයන් හෙට ස්මාට් යූත් හරහා බඳවා ගන්නවා. ත්‍රිකුණාමලයේ වැඩ බිම හදන්නයි අපි ආවේ. පාට, පක්ෂ, ජාති කුල භේද ඕන නෑ. අපි එකට එකතු වෙලා රට හදන්නයි අපිට ඕනේ. අපිට වෙන කිසිදු අරමුණක් නෑ."
මෙම අවස්ථාවට ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ඒ.එල්.එම්. අතාවුල්ලා, නැගෙනහිර පළාත් සභාවේ හිටපු ඇමතිනී ආරියවතී ගලප්පත්ති, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් ලාල් සමරසේකර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි, පළාත් ලේකම් ආර්.එම්.පී.එස්. රත්නායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක, ත්‍රිකුණාමලයේ ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ ලේකම් එම් මනිවන්නන්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයාගේ උපදේශක පද්මිණී රත්නායක, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ශාන් යහම්පත් සහ කම්කරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව මෙන්ම අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනවල නිලධාරීන්, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, පොලිස් නිලධාරීන්, රජයේ සේවකයන් සහ විගමනික ශ්‍රමික පිරිස් පවුල්වල සාමාජිකයෝ සහභාගි වූහ.