“Lankanewsweek” පුවත පල දරයි-බටපොලට විදුලිය
(ජයකාන්ත ලියනගේ) ගාල්ල,බටපොල ඔලබැද්ද ප‍්‍රදේශයට දින අටක් (08) තිස්සේ විදුලිය නොමැතිවීම සම්බන්ධයෙන් “Lankanewsweek.com” ඇතුළුසමාජ මාධ්‍ය ජාල ,විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් හෙළිදරව්වෙන් පසුව සිය…
(ජයකාන්ත ලියනගේ)
ගාල්ල,බටපොල ඔලබැද්ද ප‍්‍රදේශයට දින අටක් (08) තිස්සේ විදුලිය නොමැතිවීම සම්බන්ධයෙන් “Lankanewsweek.com” ඇතුළුසමාජ මාධ්‍ය ජාල ,විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් හෙළිදරව්වෙන් පසුව සිය ප‍්‍රදේශයට කඩිනමින් විදුලිය ලබා දුන් බව ඔලබැද්ද ප‍්‍රදේශවාසී ජනතාව ප‍්‍රකාශ කරති.
පසුගිය නොවැම්බර් මස 29 දා රාත‍්‍රී දිවයිනේ ප‍්‍රදේශ ගණනාවක් හරහා හමා ගිය සැඩ සුළං තත්ත්වයෙන් සහ අධික වර්ෂාව හේතුවෙන් විදුලි රැහැන් මතට ගස් කඩා වැටීම හේතුවෙන් බටපොළ ඔලබැද්ද ප‍්‍රදේශයේ නිවාස 300 කට අධික ප‍්‍රමාණයකට දින 8 ක් තිස්සේ විදුලිය විසන්ධි වී තිබුණි. එමනිසා ඔලබැද්ද ප‍්‍රදේශයේ පවුල් රැසක් අන්ත අසරණ තත්ත්වයට පත්ව තිබීම සම්බන්ධයෙන් පසුගියදා සමාජ මාධ්‍ය ජාල , විද්‍යුත් සහ මුදිත මාධ්‍ය මගින් මෙම විදුලිය බිඳ වැටීම පළ කර ප‍්‍රචාරයක් ලබා දී බලධාරීන් දැනුවත් කරනු ලැබිණ.
දැන්වීම
මේ හෙළිදරව්වෙන් පසු එදිනම විදුලි රැහැන් පද්ධතිය අලූත්වැඩියා කර යතාතත්ත්වයට පත් කළ බව කියන ප්‍රදේශවාසීහු සියලු මාධ්‍යට සිය ස්තුතිය පළ කරති.
මෙසේ විදුලිය නොමැති වීමෙන් එම ජනයා දැඩි අසරණ තත්ත්වයට පත්ව තිබෙන බවත් මේ නිසාම කුඩා දරුවන් සහ පාසල් දරුවන් සිටින ඇතැමි නිවාසවලට අවශ්‍ය ජලය පවා සපයා ගැනීමට නොහැකි වී තිබෙන බවත් ඇතැමි නිවැසියන් ජෙනරේටර් හිමිකරුවන් ගෙන්වා ගෙන මුදල් ගෙවා සිය වතුර ටැංකි පුරවා ගැනීමට කටයුතු කරන බවත් ලීටර් 500ක වතුර ටැංකියක් පිරවීමට රුපියල් 400 ක මුදලක් ඔවුන්ට වැය වන බවත් එම ප‍්‍රවෘත්තිය මගින් හෙළි කෙරිණ.