lankanewsweek ගැන කට්ටිය විපරමෙන් ලු..!

නන්නාදුනන පුද්ගලයෙකු දුරකථන ඇමතුමක් ලබා දෙමින් අනතුරු අඟවයි බුද්ධි ප්‍රධානියෙකු "lankanesweek" ගැන තොරතුරු හොයලා "lankanewsweek" අන්තර් ජාල වෙබ් අඩවිය සහ එහි ප්‍රධාන කර්තෘ සුජිත් මංගල ද සිල්වා ගැන…
නන්නාදුනන පුද්ගලයෙකු දුරකථන ඇමතුමක් ලබා දෙමින් අනතුරු අඟවයි
බුද්ධි ප්‍රධානියෙකු "lankanesweek" ගැන තොරතුරු හොයලා
"lankanewsweek" අන්තර් ජාල වෙබ් අඩවිය සහ එහි ප්‍රධාන කර්තෘ සුජිත් මංගල ද සිල්වා ගැන විපරමෙන් සිටින්නේ යැයි නන්නාදුනන පුද්ගලයෙකු නිර්නාමික දුරකථන ඇමතුමක් ලබා දෙමින් අනතුරු අඟවා ඇත.
"lankanewsweek" ප්‍රධාන කර්තෘ සුජිත් මංගල ද සිල්වාගේ 0716116661 යන ජංගම දුරකථන අංකයට, 0112619834 යන දුරකථන අංකය ඔස්සේ ඇමතුමක් ලබා දෙමින් එම පුද්ගලයා වැඩි දුරටත් අනතුරු අඟවමින් කියා ඇත්තේ, "lankanewsweek" ගැන විපරමෙන් සිටින නිසා ප්‍රවේශමෙන් වැඩ කර ගෙන යන ලෙසය.
මේ කතා කරන්නේ කවුරුන්ද කියා අනන්‍යතාවය තහවුරු කරන ලෙස සහ මේ දැනුම් දීම තර්ජනයක් දැයි "lankanewsweek" කර්තෘවරයා අදාළ නන්නාදුනන පුද්ගලයාගෙන් විමසා ඇති අතර එහිදී එම පුද්ගලයා කියා තිබෙන්නේ ඒ ගැන ඉදිරියේ දී දන ගැනීමට හැකි වනු ඇති බවය.
දැන්වීම
මේ අතර මීට මසකට පමණ පෙර "lankanewsweek" අන්තර් ජාල වෙබ් අඩවියට "Cyber" ප්‍රහාරයක් එල්ල කරමින් "Hack" කරනු ලැබූ අතර ඒ හේතුවෙන් වෙබ් අඩවිය දින තුනක් ක්‍රියා විරහිත වී තිබිණ. ඊට අමතරව රටේ බුද්ධි අංශ ප්‍රධානියෙකු ඔහු යටතේ සිටින බුද්ධි නිලධාරියෙකුගෙන් "lankanewsweek" සහ එහි කර්තෘවරයා ගැන තොරතුරු විමසා තිබූ බව බුද්ධි අංශ ආරංචි මාර්ග "lankanesweek" වෙත තහවුරු කර සිටියේය.
එපමණක් නොව එක්තරා තරුණ සහ ප්‍රබල දේශපාලනඥයෙකු සම්බන්ධයෙන් "lankanewsweek" කළ හෙළිදරව්වකට අදාළව උරණ වූ එම දේශපාලනඥයා "WhatsApp" මගින් "lankanewsweek" කර්තෘවරයාට අනතුරු අඟවමින් කියා ඇත්තේ එම සිද්ධියට අදාළව "Return" එකක් නියත ලෙස ලබා දෙන බවය.