ITN සභාපතිකමට යුද්ධයක්

නිරෝෂන් ප්‍රෙමරත්න යළි පත් කරන්නැයි සේවකයෝ ඉල්ලති "රයිගම්" හී අධ්‍යක්ෂකවරයෙකු ඊට පත් කිරීමට ඇමති සැරසේ ක්‍රිෂාන් තියෝඩොර්-ආචාර්ය රවී ලියනගේ ඔහු වෙනුවෙන් පෙනී සිටිති ITN නාලිකාවේ සභාපතිවරයා ලෙස…
නිරෝෂන් ප්‍රෙමරත්න යළි පත් කරන්නැයි සේවකයෝ ඉල්ලති
"රයිගම්" හී අධ්‍යක්ෂකවරයෙකු ඊට පත් කිරීමට ඇමති සැරසේ
ක්‍රිෂාන් තියෝඩොර්-ආචාර්ය රවී ලියනගේ ඔහු වෙනුවෙන් පෙනී සිටිති
ITN නාලිකාවේ සභාපතිවරයා ලෙස නිරෝෂන් ප්‍රෙමරත්න මහතා යළිත් පත් කරන ලෙස එහි සේවක සේවිකාවන් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුනවර්ධන මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
2015 සිට මේ දක්වා වූ කාලය ඇතුළත දී ITN ආයතනයට සභාපතිවරුන් අට දෙනෙකු පත් කරනු ලැබ ඇති අතර දිර්ඝ කාලයක් එක් සභාපතිවරයකු කටයුතු නොකිරීම ආයතනයේ කඩා වැටිම ට හෙතු වී ඇති බව එම සේවක සේවිකාවෝ පෙන්වා දෙති.
නිරෝෂන් ප්‍රෙමරත්න සභාපතිවරයාව සිටි සමයේ ආයතනය ආදායම් වැඩි කර ගැනීමට සහ නාලිකාවේ ජනප්‍රියත්වය වැඩි කර ගැනීමට ක්‍රමවත් වැඩි පිළිවෙළක් සකස් කළ බව ද ඔවුන් සිය ලිපිය මගින් බන්දුල ගුණවර්ධන මහතා වෙත කරුණු දක්වා තිබේ.
දැන්වීම
කෙසේ නමුත් ITN නව සභාපති ලෙස අමාත්‍ය බන්දුල ගුනවර්ධන මහතා විසින් වරලත් ගණකාධිකාරිවරයකු වන ගනක අමරසිංහ පත් කිරීමට යන බවට ආරංචි පැතිර යන අතර "කින්ඩම් ඔෆ් රයිගම් සමාගමේ" ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයකු වන ඔහු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස ද සැලකේ.
මේ අතර ITN ප්‍රධාන විධායක නිලධාරී තනතුර සඳහා පාඨලී චම්පික රණවක මහතාගේ 43 වැනි ප්‍රබලයෙකු වන ධනුෂ්ක රාමනායක මහතාගේ නම යෝජනා වී ඇති අතර ඔහු ද "කින්ඩම් ඔෆ් රයිගම් සමාගමේ" හිටපු අධ්‍යක්ෂකවරයෙකු වේ.
ඒ අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයෙකු වන රයිගම් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක ක්‍රිෂාන් තියෝඩොර් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිතවතෙකු වන රයිගම් සමාගමේ සභාපති ආචාර්ය රවී ලියනගේ යන මහත්වරුන් ගනක අමරසිංහ සහ ධනුෂ්ක රාමනායක යන මහත්වරුන්ගේ පත් වීම් වෙනුවෙන් පෙනී සිටින බව ද වාර්තා වේ.