අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

International club of DC උත්සවයෙන් ලංකාවට ඉහළ සංචාරක හා ආයෝජන ප්‍රවර්දනයක්

International club of DC උත්සවයෙන් ලංකාවට ඉහළ සංචාරක හා ආයෝජන ප්‍රවර්දනයක්

(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට) ඇමෙරිකාවේ විවිධ සාද, උත්සව හා සමාජ එකතුවීම් සංවිධානය කරන "International club of DC" විසින් වොෂින්ටන් ශ්‍රී ලංකා තානාපති පරිශ්‍රයේදී ඇමෙරිකානුවන් රැසක් වෙනුවෙන් සංවිධානය…

(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට)

ඇමෙරිකාවේ විවිධ සාද, උත්සව හා සමාජ එකතුවීම් සංවිධානය කරන "International  club of DC" විසින් වොෂින්ටන් ශ්‍රී ලංකා තානාපති පරිශ්‍රයේදී ඇමෙරිකානුවන් රැසක් වෙනුවෙන් සංවිධානය කළ සැදෑවකින් ශ්‍රී ලංකාවට විශාල සංචාරක හා ආයෝජන ප්‍රවර්දනයක් ලැබිණ.

එහිදී කතාකල තානාපති මහින්ද සමරසිංහ මහතා විසින් ශ්‍රී ලංකාවේ  ගස්වැල් මල් වලින් හා පිරිසිදු වාතයෙන් යුතු සමශීතෝෂ්ණ පරිසරය හා සෞඛ්‍ය සම්පන්න ප්‍රනීත ආහාර පාන භුක්ති විදීමට ඇමෙරිකානුවන්ට ශ්‍රී ලංකාවේ සංචාරයට හා අපගේ දක්ෂ ශ්‍රම බලකායෙන් ප්‍රයෝජන ගනිමින් ආයෝජන ගෙනෙන ලෙස ද ආරාධනා කළේය.

International club of DC උත්සවයෙන් ලංකාවට ඉහළ සංචාරක හා ආයෝජන ප්‍රවර්දනයක්

දැන්වීම

" ශ්‍රී ලංකාවට අදාළ මේ පණිවිඩය ඔබේ සෙසු ඇමෙරිකානු ඥාතීන් හා මිතුරන් අතරටත් යවන්න. ඇමෙරිකාවට ඇත්තේ වසර 246 ක ඉතිහාසයක් වුණත් ලංකාවට වසර 2500 ක පෞඩ අතීතයක් තියෙනවා. පෘතුගීසීන් නෙදර්ලන්තය හා බ්‍රිතාන්‍ය අපේ රට වසර 450 ක් යටත් කරගෙන පාළනය කලා. ඒ කාලය තුළ අපේ බෞද්ධ භික්ෂූන් හා ජනතාව රටේ දේපොළ මෙන්ම අපේ සංස්කෘතිය හා උරුමයන් රැකගත්තා. ඒ පෞඩ ඉතිහාසයේ නටබුන් ලංකාවට පැමිණ නරඔන්න" තානාපති මහින්ද සමරසිංහ මහතා  ආරාධනා කළේය.

International club of DC උත්සවයෙන් ලංකාවට ඉහළ සංචාරක හා ආයෝජන ප්‍රවර්දනයක්

ශ්‍රී ලංකාවේ බෙර වාදන නර්ථනාංග සංගීතය හා ගායනා ඇතුළු සංස්කෘතිකාංග රැසක් ද එහිදී ඉදිරිපත් කෙරිණ. සියලු දෙනාට ශ්‍රී ලංකාවේ උණුසුම් හා ශීතකල තේ වලට අමතරව ශ්‍රි ලංකාවේ ආහාර වලින් ද සංග්‍රහ කෙරිණ. ලංකාවේ පරිසරය වෙහෙර විහාර පැරණි නටබුන් සතුන් සිවුපාවුන් හා ලෝක උරුම 08 හා සැතපුම් 800 ක මනරම් මුහුදු වෙරළ ගැන ඡායාරූප ප්‍රදර්ශනයක් ද තානාපති කාර්යාලය විසින් සංවිධානය කොට තිබිණ.

International club of DC උත්සවයෙන් ලංකාවට ඉහළ සංචාරක හා ආයෝජන ප්‍රවර්දනයක්

International club of DC උත්සවයෙන් ලංකාවට ඉහළ සංචාරක හා ආයෝජන ප්‍රවර්දනයක්

International club of DC උත්සවයෙන් ලංකාවට ඉහළ සංචාරක හා ආයෝජන ප්‍රවර්දනයක්

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
International club of DC උත්සවයෙන් ලංකාවට ඉහළ සංචාරක හා ආයෝජන ප්‍රවර්දනයක් | Lanka Newsweek