IMF තෙවැනි දීමනාව ශ්‍රී ලංකාව සම්බන්ධ ජාත්‍යන්තර සහතිකයක්

රනිල්ගේ ජය තහවුරුයි රට දුවන්නේ නිවැරදි පීල්ලේ පෙර වැරදි යළි කරනු එපා 13 දේශපාලන වාසියට යොදා ගනු එපා ජාතන්තර මුල්‍ය අරමුදල සිය තෙවැනි දීමනාව අනුමත කිරීම ශ්‍රී ලංකාව සම්බන්ධව ජාත්‍යන්තරයට දුන් වටිනා…
රනිල්ගේ ජය තහවුරුයි
රට දුවන්නේ නිවැරදි පීල්ලේ
පෙර වැරදි යළි කරනු එපා
13 දේශපාලන වාසියට යොදා ගනු එපා
ජාතන්තර මුල්‍ය අරමුදල සිය තෙවැනි දීමනාව අනුමත කිරීම ශ්‍රී ලංකාව සම්බන්ධව ජාත්‍යන්තරයට දුන් වටිනා සහතිකයක් යැයි ද, එමගින් එම ආයතනය ජනාධිපතිවරයාගේ මුල්‍ය විනය සහ කැපවීම පිළි ගෙන ඇතැයි ද එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියේය.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ, කොළඹ දී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී වන අතර එහිදී වැඩි දුරටත් දහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ ණය පහසුකමේ තෙවැනි වැනි වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 335 නිදහස් කිරීමට එම අරමුදල තීරණය කර ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මුල්‍ය විනය සහ කැප වීම මත වන අතර එම තත්ත්වය රට සහ ජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව කිව යුතුයි.
දැන්වීම
රටේ මූල්‍ය විනයක් ඇති වෙලා. රට ආර්ථික, සමාජ,දේශපාලනික සහ සංස්කෘතික ඉලක්කවලට ගමන් කරමින් සිටිනවා. මේ සියලු තත්ත්වයන්ගෙන් සහ කරුණු කාරණාවලින් පැහැදිලි වන්නේ එක්සත් ජාතික පක්ෂයේ දේශප්‍රේමීත්වය, හැකියාව සහ බලයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණ මුදල සොච්චමක් වුණත් එම දීමනාව ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය, පිළිවෙළ, ඉලක්ක සහ සඛ්‍යතාවය සම්බන්ධව ජාත්‍යන්තරයට විශාල සහතිකයක් සහ සංඥාවක් සපයන අතර එම තත්ත්වය අපේ ජනතාවට ඉතා වටිනවා.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු ලෙස නොව රට ගොඩගත් සහ ජනතාව ජීවත් කළ පොදු, නිර්පාක්ෂික සහ ජාතික අපේක්ෂකයා ලෙස වන අතර රටේත් ජනතාවගේත් ගැලවීම තිබෙන්නේ ඔහු සහ එක්සත් ජාතික පක්ෂය මතයි.
මේ අවස්ථාවේ දී රට බේරා ගත් ජනාධිපතිවරයාට වගේම එතුමා විශ්වාස කර පටි තද කර ගත් ජනතාවටත් මම මගේ ආචාරය පුද කරනවා. ආර්ථික යුද්ධය ජය ගත හොත් ඕනෑම යුද්ධයක් අපට ජය ගත හැකියි. රටේ මුල්‍ය විනයක් ඇති වෙලා. සියලු ඉලක්කවලට වේගයෙන් ගමන් කළ හැකි වාතාවරණයක් ඇති වෙලා. මේ ශක්තිය ජනපතිට ලබා දුන්නේ ජනතාව. ඒ නිසා මේ සියලු ජයග්‍රහණ ජනපති සහ ජනතාව සතුයි.
මේ ජයග්‍රහණය ඉදිරියේ දී රටේ තව තවත් ජයග්‍රහණ බවට පරිවර්තනය කරමින් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කළ යුතුයි. ඒ වගකීම සහ අභියෝගය භාර ගත හැක්කේ රනිල් වික්‍රමසිංහට සහ එක්සත් ජාතික පක්ෂයට පමණයි. ජනතාව අද අප වටා එකට ඒකරාශී වී සිටින්නේ ඒ නිසයි.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන නීතියක් බව කවුරුත් දන්නවා.නමුත් සමහරක් දේශපාලඥන් උතුරේ කියන කිසිවක් දකුණේ කියන්නේ නෑ..එක්සත් ජාතික පක්ෂය මේ කරුණු කාරණා කිව්වේ මුළු රටටමයි. මේ දේශපාලන න්‍යාය පත්‍ර පසෙක තැබිය යුතුයි. සියලු දෙනා එකට එක්ව රට ගොඩනැගිය යුතුයි.