අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

IMF ණය දෙන්නේ මෙහෙමයි

IMF ණය දෙන්නේ මෙහෙමයි

ප්‍රථම වාරිකය ඩොලර් මිලියන 333යි ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය වීමට අනුමත වූ ණය වසර 4 ක කාලයක් ඇතුළත දී වාරික 8 කින් ලැබීමට නියමිත අතර ප්‍රථම වාරිකය ලෙස…

ප්‍රථම වාරිකය ඩොලර් මිලියන 333යි  

ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය වීමට අනුමත වූ ණය වසර 4 ක කාලයක් ඇතුළත දී වාරික 8 කින් ලැබීමට නියමිත අතර ප්‍රථම වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333 ක මුදලක් ක්ෂණිකව මුදා හැරෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත.

විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ක්‍රියාත්මක වන වැඩසටහනේ අරමුණ ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය නැවත ඇති කිරීම බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටියි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුකූලව ණය තිරසරභාවය ඇති වන පරිදි ණය ප්‍රතිවුහගත කිරීම කඩිනම් කිරීමට ශ්‍රී ලංකාව සහ මෙරට ණය හිමියන් අතර සමීප සහයෝගිතාවයක් අවශ්‍ය බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩි දුරටත් අවධාරණය කර සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
IMF ණය දෙන්නේ මෙහෙමයි | Lanka Newsweek