අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

IMF ණයට බාලගිරි දෝෂය

IMF ණයට බාලගිරි දෝෂය

මේ වර්ෂයේ සල්ලි ලැබෙන්නේ නැහැ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා නිල අනුමැතිය මෙම වසර අවසන් වීමට පෙර ලබා දීමට විධායක කමිටුව බලාපොරොත්තු…

මේ වර්ෂයේ සල්ලි ලැබෙන්නේ නැහැ 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා නිල අනුමැතිය මෙම වසර අවසන් වීමට පෙර ලබා දීමට විධායක කමිටුව බලාපොරොත්තු නොවන බව ඉහළම පෙළේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් ලබා දීමට නියමිත ණය මුදල් සම්බන්ධයෙන් ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා 2022 දෙසැම්බර් 22 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව අමතර රැස්වීමක් කැඳවා ඇති අතර එම රැස්වීමේ න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාව ඇතුළත් නොවන බව රොයිටර් පුවත් සේවය පෙන්වා දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය 2022 දෙසැම්බර් මස අවසානයේ ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාව 2022 සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශ කළත් මේ වන විට එහි ප්‍රගතිය මන්දගාමී වී ඇති බවත් ශ්‍රී ලංකාවේ ජනාධිපති සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එම අනුමැතිය ලබා ගැනීම ජනවාරි දක්වා කල් යා හැකි බව ගෙවුණු මාසයේ පිළි ගත් බවත් එම පුවත් සේවය සඳහන් කර ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
IMF ණයට බාලගිරි දෝෂය | Lanka Newsweek