අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

Imf එකට ඕන හැටියට ලයිට් බිල වැඩි කළ හැකිද..?

Imf එකට ඕන හැටියට ලයිට් බිල වැඩි කළ හැකිද..?

භූතයෝ එක්කෙනෙක් දෙන්නෙක් එක්සත් ජාතික පක්ෂය පාලනය කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා විදුලි බිල…

භූතයෝ එක්කෙනෙක් දෙන්නෙක් එක්සත් ජාතික පක්ෂය පාලනය කරනවා 

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව 

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා 

විදුලි බිල වැඩිකිරීමට imf එකට හැකියාවක් නැහැ. ඔවුන් එම නිර්දේශ ඉදිරිපත් කිරීමට පෙර ආණ්ඩුව ඒ පිළිබඳව දැනුවත් විය යුතුයි. මේ පිළිබඳව මම පාර්ලිමේන්තුවේදී කලින්ම ප්‍රශ්න කළා. නමුත් ඊට නිසි පිළිතුරු ලබාදීමට ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නැහැ. imf නිර්දේශ කලාට ඒවා ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාදාමය අපි හදා ගත යුතුයි. වාහන ගෙන්වීම ගැන මම සඳහන් කළා සංචිතවලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.රනිල් වික්‍රමසිංහ මහත්තයා ආර්ථිකය හොඳ මට්ටමකට ගෙනාවා එහි ගෞරවය ඔහුට ලැබිය යුතුයි.

එක්සත් ජාතික පක්ෂයෙන් අපි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙනවා. භූතයෝ එක්කෙනෙක් දෙන්නෙක් ඉඳගෙන පක්ෂය පාලනය කරනවා. අපිට ළඟට එන්න දෙන්නේ නෑ. සියලු දෙනාම එකතු වී ගමනක් යා යුතුයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න