අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

IMF අනුමත කළ ණය මුදල තව දින දෙකකින් ලැබෙනවා

IMF අනුමත කළ ණය මුදල තව දින දෙකකින් ලැබෙනවා

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට අනුමත කළ ණය මුදලේ පළමු වාරිකය වූ ඇමෙරිකා ඩොලර් මිලියන 333ක මුදල තවත් දින දෙකකින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකාවේ ජාත්‍යාන්තර…

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට අනුමත කළ  ණය මුදලේ පළමු වාරිකය වූ ඇමෙරිකා ඩොලර් මිලියන 333ක මුදල තවත් දින දෙකකින් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකාවේ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්‍රෘව මහතා පවසයි.

ඉදිරි වාරික ලබාදීම සෑම මාස හයකට වරක් ශ්‍රී ලංකාව මත සිදු කරන සමාලෝචන මත  රඳා පවතින බව ද ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී සඳහන් කළේය.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල රටකට ණය මුදලක් අනුමත කිරීමේදී සලකා බලන ප්‍රධාන සාධකය වන්නේ ණය තිරසර භාවය වන අතර ශ්‍රි ලංකාවේ තවමත් ණය තිරසර භාවයක් නැති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
IMF අනුමත කළ ණය මුදල තව දින දෙකකින් ලැබෙනවා | Lanka Newsweek