අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

GSP අහිමි වුණොත් ඩොලරය රු 300 ඉක්මවයි

GSP අහිමි වුණොත් ඩොලරය රු 300 ඉක්මවයි

GSP එක්ක දේශපාලනය නොකරනු රට තව දුරටත් විනාශ නොකරනු ▶ වීඩියෝව නරඹන්න (සුජිත් මංගල ද සිල්වා) GSP-ප්ලස් බදු සහනය සමග දේශපාලන වශයෙන් සෙල්ලම් කරමින් රටත් ජනතාවත් තව දුරටත් විනාශ නොකර එම සහනය ආරක්ෂා කර…

GSP එක්ක දේශපාලනය නොකරනු 

රට තව දුරටත් විනාශ නොකරනු 

▶ වීඩියෝව නරඹන්න

(සුජිත් මංගල ද සිල්වා)

GSP-ප්ලස් බදු සහනය සමග දේශපාලන වශයෙන් සෙල්ලම් කරමින් රටත් ජනතාවත් තව දුරටත් විනාශ නොකර එම සහනය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතු යැයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි.

GSP-ප්ලස් බදු සහනයට අදාළව මේ වන විට උද්ගත වී තිබෙන අනතුරුදායක තත්ත්වය සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව පැවැසූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද කීය.  

දැන්වීම

"යුරෝපා සංගමයෙන් GSP+ බදු සහනය 2017 දී ලබා ගෙන මේ රටේ ආර්ථිකය වර්ධනය කර ජනතාවට සහන සැලසීමට යහා පාලන ආණ්ඩුව කටයුතු කළා. බදු අය කිරීමකින් තොරව යුරෝපයට භාණ්ඩ යැවීමට ලැබුණු අවසරය නිසා ඇගළුම් කර්මාන්තයේ සහ ධීවර කර්මාන්තයේ ලොකු දියුණුවක් ඇති වුණා. ශ්‍රී ලංකාවට ලැබුණු මෙම GSP+ බදු සහනය ගැන යුරෝපා පාර්ලිමේන්තුවේ මේ වන විට ප්‍රශ්නයක් මතු වෙලා තිබෙනවා. මෙම බදු සහනය ඉදිරියේ දී අහිමි වනු ඇතැයි අපට අවවාද කර තිබෙනවා. 

COVID-19 වසංගතය හේතුවෙන් අපේ සංචාරක ව්‍යාපාරය මේ අවස්ථාවේ අවදානමකට ලක් වෙලා. "Express Perl" නෞකාවේ ප්‍රශ්නයත් සමඟ අපේ ධීවර කර්මාන්තයටත් ගැටලු මතු වෙලා. විදේශ රැකියාවලට යන අය අඩු වෙලා. එම නිසා අපේ විදේශ විනිමය පහත වැටී තිබෙනවා. විදේශ විනිමය අඩු වීමත් සමග ඇතිවූ ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව බංගලාදේශයෙන් ඩොලර් මිලියන 200 ක ණයක් ගත්තා. මේ වන විට අපේ ආර්ථිකයට විදේශ විනිමය ගෙන ඒම වෙනුවෙන් ඉතිරිව ඇත්තේ තේ කර්මාන්තය සහ ඇගළුම් කර්මාන්තය පමණයි.

එවැනි අවස්ථාවක අපට GSP+ බදු සහනයත් අහිමි වුව හොත් රුපියලේ වටිනාකම බාල්දු වී ඩොලරයකට අපට රුපියල් 300 ක පමණ මුදලක් ගෙවන්න සිදු වේවි. ඒ වගේම රැකියා දහස් ගණනක් අහිමි වෙන්නත් ඉඩ තිබෙනවා. මතුව ඇති අවදානම හමුවේ තවදුරටත් දේශපාලනය නොකර GSP+ සහනය ආරක්ෂා කිරීමට වහාම රජය කටයුතු කළ යුතුයි. ජනතාව දරා සිටින දැඩි ආර්ථික බරට තවත් බර එකතු කරන්න එපා. රට විනාශ කරන්න එපා." 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
GSP අහිමි වුණොත් ඩොලරය රු 300 ඉක්මවයි | Lanka Newsweek