"GMOA වෛද්‍යවරු ත්‍රස්තවාදීන් වගේ"

(නායක බණ්ඩාර) රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දේශපාලන සංගමයක් ලෙස ත්‍රස්තවාදීන් මෙන් කටයුතු කරන බවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා චෝදනා කරයි. ඔහු එලෙස චෝදනා කළේ ඊයේ…
(නායක බණ්ඩාර)
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දේශපාලන සංගමයක් ලෙස ත්‍රස්තවාදීන් මෙන් කටයුතු කරන බවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා චෝදනා කරයි.
ඔහු එලෙස චෝදනා කළේ ඊයේ (04) මල්වතු පාර්ශ්වයේ මහානායක අත්පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදැකීමට මල්වතු මහා විහාරයට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දේශපාලන වැඩපිළිවෙළක් දියත් කරමින් සිටින බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස තමාට එරෙහිව සකස් කළ චෝදනා පත්‍රයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ට මේ වනවිට ලබා දී ඇති බව ද රාජිත සේනාරත්න මහතා පැවැසීය.
දැන්වීම
දේශපාලනඥයන් පිටුපස යන සංගමයක් බවට ඔවුන් පත්ව තිබෙන බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා පවසන්නේ තමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසර 14 ක් පුරා වෘත්තීය සමිති ව්‍යාපාරයක නිරත වූ පුද්ගලයකු වුවත්, දේශපාලනඥයන් පිටුපස යන තත්ත්වයක් තම කණ්ඩායමට නොතිබුණු බවයි. වෛද්‍ය සංගමයේ මෙම ක්‍රියාකලාපයෙන් සිදුවන්නේ අහිංසක රෝගීන් අපහසුතාවයට පත්වීම පමණක් බව පෙන්වා දෙන අමාත්‍යවරයා, වෛද්‍යවරුන්ගේ වැටුප දැනට රුපියල් 20,000 කින් ඉහළ නැංවූ බව ද පැවසීය.
ඉල්ලීම් ඉටු කළ ද ඔවුන් එම සියලු වරප්‍රසාද ලබාගනිමින් කීර්තිමත් සංගමයක් අවභාවිතයට ලක් කරමින් දේශපාලන ව්‍යාපාරයක නිරත බව බවට සෞඛ්‍ය අමාත්‍යවරයා චෝදනා කරයි. අද ඔවුන් වෘත්තීය ඉල්ලීම් ඉල්ලන්නේ නැති බවත්, ඇතැම් රෝහල්වල වෛද්‍යවරුන්ගේ සටන් බිමක් බවට පත් කරගෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙන් කටයුතු කර බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.