අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

ETF සහ EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

ETF සහ EPF ස්වාධීන මණ්ඩලයක් යටතට

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එකට එකතු කර ස්වාධීන මණ්ඩලයක් පිහුටුවා ඒ යටතේ ඉදිරි වැඩ කටයුතු ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී බදාදා (04)…

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එකට එකතු කර ස්වාධීන මණ්ඩලයක් පිහුටුවා ඒ යටතේ  ඉදිරි වැඩ කටයුතු ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී බදාදා (04) පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට අඟහරුවාදා (03) දහවල් පැමිණි අවස්ථාවේ, සමගි ජන බලවේගයේ  ජාතික ලැයිස්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ඊ.පී.එෆ් අරමුදලේ  ස්වාධීන කළමනාකාරීත්වය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

"දෙපැත්තම කියනවා මම හරි කියලා. ඉතින් දෙපැත්තටම එකට එකතු වෙලා වැඩ කරන්න බැරි ඇයි" යනුවෙන් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩි දුරටත් විමසා සිටියේය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
ETF සහ EPF ස්වාධීන මණ්ඩලයක් යටතට | Lanka Newsweek