අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

COVID-ඩෙල්ටා ආසාදිතයෙක් කහතුඩුවේ

COVID-ඩෙල්ටා ආසාදිතයෙක් කහතුඩුවේ

(හේමන්ත තුසිත කුමාර) කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඉදිකිරිම් ආයතනයක සේවය කරන 47 හැවිරිදි අයෙකුට කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වැළඳී ඇතැයි වාර්තා වන අතර ඔහුගේ මව, බිරිඳ සහ පුත්‍රයා ද ඇතුළු ඔහු ජීවත්…

(හේමන්ත තුසිත කුමාර)

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ඉදිකිරිම් ආයතනයක සේවය කරන  47 හැවිරිදි අයෙකුට කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වැළඳී ඇතැයි වාර්තා වන අතර ඔහුගේ මව, බිරිඳ සහ පුත්‍රයා ද ඇතුළු ඔහු ජීවත් වූ කහතුඩුව ජයලියගම ප්‍රදේශයේ පවුල් 50ක පමණ සාමාජිකයින් නිරෝධායනයට යොමු කර ඇත. මේ අතර ජයලියගම පාර ප්‍රදේශයට සංචරණ සීමා පැනවීමටද පියවර ගැනුණි.
ආසාදිත පුද්ගලයා මේ වන විට පොළොන්නරුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පත්මරාජ මහතා මෙසේ පැවසීය.

“කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය පුද්ගලයෙක්ව තමයි හඳුනාගත්තේ. එහිදී දැනගන්න ලැබුණා මොහු පෙදරේරුවෙක් බවත් ඔහු කොළඹ ප්‍රධාන ඉදිකිරීම් ආයතනය සේවය කරන බවත්ය. අපි සැක කරනවා ඔහුට එම ඉදිකිරීමේ කර්මාන්ත ආයතනයෙන් මෙම ඝනයේ වෛරස ප්‍රභේදය ඔහුට ශරීර ගතවෙන්න ඇති කියලා. ඒ වගේම රාත්‍රි කාලයේ සිදුකළ නිරීක්ෂණවලින් අපට දැනගන්න ලැබුණා ඔහුගේ ප්‍රදේශවාසීන් පසුගිය කාලයේ ඔහු සමඟ එතරම් සමීප සම්බන්ධතාවයක් නොමැති බව. ඒ වගේම එම ප්‍රදේශයේ අහඹු පීසීආර් 100ක් පමණ සිදුකරන්න උපදෙස් ලැබිලා තියෙනවා වසංගත රෝග විද්‍යා ඒකකයෙන්. ඒ අනුව මෙම පරීක්ෂණ අවසන් වන තෙක් මෙම පුද්ගලයින්ගෙන් වෛරසය පිටතට බැහැරව නොයන ලෙස කටයුතු කර තිබෙනවා.“

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
COVID-ඩෙල්ටා ආසාදිතයෙක් කහතුඩුවේ | Lanka Newsweek