අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

CID ලොක්කාගේ නැගණිය යළි රිමාන්ඩ්

CID ලොක්කාගේ නැගණිය යළි රිමාන්ඩ්

(ජයකාන්ත ලියනගේ) හෙරොයින් මිලිග‍්‍රෑම් 2300 ක් ලඟ තබා ගෙන හික්කඩුව, සීනිගම දුම්රිය ආරක්ෂක ගේට්ටුව අසල ජාවාරම් කරමින් සිටියදී මීටියාගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අපරාධ පරීක්ෂණ දෙපාරිතමේන්තුවේ…

(ජයකාන්ත ලියනගේ)

හෙරොයින් මිලිග‍්‍රෑම් 2300 ක් ලඟ තබා ගෙන හික්කඩුව, සීනිගම දුම්රිය ආරක්ෂක ගේට්ටුව අසල ජාවාරම් කරමින් සිටියදී මීටියාගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අපරාධ පරීක්ෂණ දෙපාරිතමේන්තුවේ (CID) ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වරයෙකුගේ නැගණියක බව කියන කාන්තාව 2017 දෙසැම්බර් මස 26 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළපිටිය මහේස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනවිය සදුදා (18)නියෝග කළාය.

හෙරොයින් තොගයට අදාල රස පරීක්ෂක වාර්තාව ලැබී නොමැති බැවින් සැකකාරිය මෙසේ තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන බවද මහේස්ත‍්‍රාත්වරිය මෙහිදී දැනුම් දුන්නාය.

දැන්වීම

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ සීනිගම, හික්කඩුව ලිපිනයේ පදිංචි දේව සමන්මලී ද සිල්වා (39) නැමැති අයයි.

මීටියාගොඩ පොලීසියේ උප පොලිස් පරීක්ෂක ජනක සම්පත් මහතාට ලැබුණ තොරතුරකට අනුව සැකකාරිය අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී සන්තකයේ තිබී හෙරොයින් තොගය හමු වී තිබේ. සැකකාරිය  දෙදරු (02) මවක් බවත් ඇයට අවුරුදු 07 සහ 09 වයස් කාණ්ඩ වල දරුවන් දෙදෙනකු සිටින බවත් මීටියාගොඩ පොලීසිය කියයි.

සැකකාරිය හෙරොයින් තොගය මිලිග‍්‍රෑම් 25 ප‍්‍රමාණයේ කුඩා පැකට් වලට සකසා අලෙවිකරමින් සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ. සැකකාරිය හෙරොයින් රැගෙන එන්නේ කොහෙන්ද යන්න සම්බන්ධයෙන්ද පොලිස් පරීක්ෂණ පවත්වන බව මීටියාගොඩ පොලීසියේ ප‍්‍රකාශකයෙක් සදහන් කළේය.

සැකකාරියගේ ස්වාමිපුරුෂයාද පොලිස් විශේෂ කාර්ය (STF) බලකායේ කලක් සේවය කල අයෙකි. ඔහු අත් බෝම්බයක් දමාගැසීමකට අදාලව මීට වසර කීපයකට පෙර වැඩ තහනමකට ලක්ව තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාරිතමේන්තුවේ (CID) සේවය කරන සහෝදරයාට අමතරව සැකකාරියගේ තවත් සහෝදරයෙක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවය කර මේ වන විට විශ‍්‍රාම ලබා තිබේ. මෙම තොරතුරු පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබෙන බව මීටියාගොඩ පොලීසියට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි.

මීටියාගොඩ පොලීසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක ජනක සම්පත් මහතාගේ මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක සනත් මෙන්ඩිස් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
CID ලොක්කාගේ නැගණිය යළි රිමාන්ඩ් | Lanka Newsweek