අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

Ceylonese Crab සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි

Ceylonese Crab සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි

ලෝකයේ කුමන රටක සිටියත් ශ්‍රි ලාංකයෝ දේශීය කුළුබඩු රසින් රසවත්වූ දේශීය ආහාර සඳහා දැඩි කැමත්තක් දක්වති. එහෙයි බොහෝ විදෙස් රටවල ශ්‍රී ලාංකේය අවන්හල් බිහිවීම සුලබ අත් දැකීමක් බවට පත්වෙමින් පවති. එහෙත්…

ලෝකයේ කුමන රටක සිටියත් ශ්‍රි ලාංකයෝ දේශීය කුළුබඩු රසින් රසවත්වූ දේශීය ආහාර සඳහා දැඩි කැමත්තක් දක්වති. එහෙයි බොහෝ විදෙස් රටවල ශ්‍රී ලාංකේය අවන්හල් බිහිවීම සුලබ අත් දැකීමක් බවට පත්වෙමින් පවති.

එහෙත් චීන සහ ඉන්දියානු ආහාර රටාවකට වැඩි නැඹුරුවක් සහිත සිංගප්පූරුවේ සිටිනා ශ්‍රී ලාංකිකයන්හට සැබෑ ශ්‍රී ලාංකේය ආහාර විඳ ගැනිම පහසු නොවීය. ඒ අඩුව පුරවාලමින් පූර්ණ ශ්‍රී ලාංකේය කෑම වට්රෝරුවලින් සමන්විත ශ්‍රී ලාංකේය අවන්හලක් "Ceylonese Crab" නමින් 2024.02.02 වැනිදා සිංගප්පූරුවේදී විවෘත විය.

සිංගප්පූරුවේ සිටිනා ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් වන නුවන් බණ්ඩාර සිය ව්‍යාපාර ජාලය පුළුල් කරමින් ඉදි කළ මෙම නව අවන්හල සිංගප්පූරුවේ East Cost Park හී පිහිටි Seafood Center හී Blk 1202 පිහිටා ඇත.

දැන්වීම

"Ceylonese Crab" සමාරම්භක අවස්තාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස එරට ශ්‍රීලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක මහතා සහභාගී විය. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිදුවූ "Ceylonese Crab" සමාරම්භයට ශ්‍රී ලාංකිකයන් ඇතුළු විශාල පිරිසක්ව සිටියහ. 

මුළුමනින්ම ශ්‍රී ලාංකේය සැරසිළි සහ ගෘහ අලංකාර රටාවන්ගෙන් හැඩගැන්වී ඇති Ceylonese Crab හී දී ශ්‍රී ලාංකේය ආහාර පමණක් නොව දේශීය ගෘහ නිර්මාණ ශිල්පය, අත්කම් සහ ගෘහ අලංකරණ රටාවන් ගැනද අවබෝධයක් ලබා ගැනිමට පුළුවන.

ශ්‍රී ලාංකිකයන් තරමටම විදේශිකයන් අතරද Ceylonese Crab ආහාර සඳහා ඉහළ ජනප්‍රිය බවක් හිමි වී ඇති බවත්, භූමීය මායිම් බිඳ දමමින් ශ්‍රී ලාංකේය ආහාර කලාව ලෝකයට ගෙන යාමට Ceylonese Crab සමත්ව ඇති බවත් වාර්තා වේ.

Ceylonese Crab සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
Ceylonese Crab සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි | Lanka Newsweek