අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

CESO සමීක්ෂණයෙන් ද සජබයේ ජනපතිවරණ ජය තහවුරු වේ

CESO සමීක්ෂණයෙන් ද සජබයේ ජනපතිවරණ ජය තහවුරු වේ

සජබය 38%යි-මාළිමාව 23%යි-පොහොට්ටුව 8%යි-එජාපය 7%යි ජනතාවගෙන් සියයට හැත්තෑවකට ආණ්ඩුව එපා වෙලා අලුත්ම ජන මත සමීක්ෂණයේ ප්‍රතිඵල මෙන්න..! රටේ මීළඟ ජනාධිපතිවරයා විය යුත්තේ කවුරුන්ද යන කාරණය සම්බන්ධයෙන්…

සජබය 38%යි-මාළිමාව 23%යි-පොහොට්ටුව 8%යි-එජාපය 7%යි 

ජනතාවගෙන් සියයට හැත්තෑවකට ආණ්ඩුව එපා වෙලා 

අලුත්ම ජන මත සමීක්ෂණයේ ප්‍රතිඵල මෙන්න..!

CESO සමීක්ෂණයෙන් ද සජබයේ ජනපතිවරණ ජය තහවුරු වේ

CESO සමීක්ෂණයෙන් ද සජබයේ ජනපතිවරණ ජය තහවුරු වේ

රටේ මීළඟ ජනාධිපතිවරයා විය යුත්තේ කවුරුන්ද යන කාරණය සම්බන්ධයෙන් සමාජ චලන මාධ්‍ය සහ පර්යේෂණ මධ්‍යස්ථානය මගින් සිදු කෙරුණු ජන මත සමීක්ෂණයේ දී 38%ක මහා ජන කැමැත්තක් දිනා ගනිමින් සමගි ජන බලවේගය සහ එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියෙන්ම සිටින බව එම ආයතනය පවසයි.

දැන්වීම

ජාතික ජන බලවේගය සහ එහි නායක අනුර කුමාර දිසානායක මහතා 23%ක මහා ජන කැමැත්තක් දිනා ගනිමින් දෙවැනි ස්ථානයට පත්ව සිටින අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 8%ක මහා ජන මතයක් වාර්තා කරමින් දෙවැනි ස්ථානයට ද, එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා 7%ක මහා ජන කැමැත්තක් දිනා ගනිමින් තෙවැනි ස්ථානයට ද පත්ව සිටියි.

සමීක්ෂණයට භාජනය කෙරුණු ජනතාවගෙන් 21%ක් මීළඟ ජනාධිපතිවරයා කවුරුන් විය යුතු ද යන කාරණය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර එම ජනතාවගෙන් 3%ක් කියා සිටියේ මෙම ප්‍රධාන දේශපාලන පක්ෂවලින් තොරව වෙනත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරයා බිහි විය යුතු බව යැයි සමාජ චලන මාධ්‍ය සහ පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි.

රටේ පළාත් නවය ආවරණය වන පරිදි කනතාවන් සහ පිරිමින් 3016ක් අහඹු ලෙස තෝරා ගෙන 2024 මාර්තු 25 සිට අප්‍රේල් 10 දක්වා වූ කාලය ඇතුළත දී මෙම ජන මත සමීක්ෂණය සිදු කර ඇති අතර ඒ සඳහා පුහුණුව ලත් දත්ත එකතු කරන්නන් 305ක් යොදා ගෙන ඇත.

සමීක්ෂණයට භාජනය කෙරුණු පිරිසෙන් 56%ක් කාන්තාවන් සහ 46%ක් පිරිමින් වන අතර එම පිරිසෙන් 57%ක් ග්‍රාමීය ද, 26%ක් උප නාගරික ද, 17%ක් නාගරික ද වන බව සමාජ චලන මාධ්‍ය සහ පර්යේෂණ මධ්‍යස්ථානය කියා සිටියි.

එමෙන්ම සමීක්ෂණයට භාජනය කෙරුණු පිරිසෙන් 70%ක් වත්මන් ජනාධිපතිවරයා ප්‍රධාන රජයේ ක්‍රියාකලාපය ගැන අතෘප්තියෙන් සිටින අතර තෘප්තිමත් බව ප්‍රකාශ කළේ 20%ක් පමණක් බව ද සමාජ චලන මාධ්‍ය සහ පර්යේෂණ මධ්‍යස්ථානය මගින් සිදු කෙරුණු ජන මත සමීක්ෂණ වාර්තාවේ වැඩි දුරටත් දැක්වේ.

CESO සමීක්ෂණයෙන් ද සජබයේ ජනපතිවරණ ජය තහවුරු වේ

CESO සමීක්ෂණයෙන් ද සජබයේ ජනපතිවරණ ජය තහවුරු වේ

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
CESO සමීක්ෂණයෙන් ද සජබයේ ජනපතිවරණ ජය තහවුරු වේ | Lanka Newsweek