අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

Avant-Garde ලා වජිරට සල්ලි එව්වේ Mazda වෑන් රථයකින්

Avant-Garde ලා වජිරට සල්ලි එව්වේ Mazda වෑන් රථයකින්

ගෝනිවල පිරවූ කෝටි ගණන් සල්ලි ගොඩ බෑවේ J.S.S මූලස්ථානයට රනිල්, වජිරගේ ප්‍රාණ ඇපකරුවෙකු වී සිටින හේතු මෙන්න..! එජාප ප්‍රබලයෙකුගේ ඇසින් දුටූ සාක්කිය..! (සුමුදු පෙරේරා) 2015 ජනාධිපතිවරණ සමයේ දී…

ගෝනිවල පිරවූ කෝටි ගණන් සල්ලි ගොඩ බෑවේ J.S.S මූලස්ථානයට

රනිල්, වජිරගේ ප්‍රාණ ඇපකරුවෙකු වී සිටින හේතු මෙන්න..! 

එජාප ප්‍රබලයෙකුගේ ඇසින් දුටූ සාක්කිය..!

Avant-Garde ලා වජිරට සල්ලි එව්වේ Mazda වෑන් රථයකින්

(සුමුදු පෙරේරා) 

2015 ජනාධිපතිවරණ සමයේ දී "Avant-Garde" සභාපති නිස්සංක සේනාධිපති මහතා වත්මන් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා වෙත රුපියල් කෝටි ගණනක සල්ලි එව්වේ එම සමාගමට අයත් නිල් පැහැති "Mazda" වර්ගයේ වෑන් රථයකින් යැයි එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන බළකායේ පුරෝගාමියෙකු වූ සහ එම පක්ෂයේ ගාල්ල-හික්කඩුව නගර සභාවේ හිටපු මන්ත්‍රී ජගත් ආනන්ද ද සිල්වා මහතා "lankanewsweek" සමඟ පැවැසීය.

සිය ඇසින් දුටූ සාක්කියක් විස්තර කරමින් ජගත් ආනන්ද ද සිල්වා මහතා මේ බව හෙළි කර සිටියේ, "රනිල්-වජිර යනු මහින්දගේ ඔඩොක්කු කුක්කෝය" යන ශීර්ෂය යටතේ 2021.09.02 වැනිදා "lankanewsweek" හී පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් වන අතර එහිදී වැඩි වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කියා සිටියේය.

දැන්වීම

"2015 ජනාධිපතිවරණ සමයේ දී "Avant-Garde" සභාපති නිස්සංක සේනාධිපති මහතා වත්මන් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා වෙත රුපියල් කෝටි ගණනක සල්ලි එව්වේ එම සමාගමට අයත් නිල් පැහැති "Mazda" වර්ගයේ වෑන් රථයකිනුයි. ගෝනිවල පුරවා තිබූ රුපියල් කෝටි ගණනක සල්ලි රැගත් ඒ වහනය ආවේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික සේවක සංගම් මූලස්ථානයටයි.

වජිර අබේවර්ධන මහතා සමඟ මමත් ඒ වන විට ජාතික සේවක සංගම් මූලස්ථානයේ රැදී සිටී අතර ගෝනිවල පුරවා වාහනයෙන් රැගෙන ආ ඒ රුපියල් කෝටි ගණනක සල්ලි භාර ගත්තේ වජිර අබේවර්ධන මහතායි. "Avant-Garde" සමාගමෙන් වජිර අබේවර්ධන මහතා මෙසේ රුපියල් කෝටි ගණන් සල්ලි ගෙන්වා ගත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශීර්වාදය, අවසරය සහ අනුග්‍රහය මධ්‍යයේ වන අතර රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට වජිර අබේවර්ධන මහතාගේ ප්‍රාණ ඇපකරුවෙකු වී සිටින්නේ ඔහු වජිර අබේවර්ධන මහතා යොදවා සිදු කළ මෙවැනි කූට ගනුදෙනු සහ කූට දේශපාලන "Deal' නිසයි.

යහ පාලන ආණ්ඩුව සමයේ දී මේ "Avant-Garde" සමාගමේ ප්‍රශ්න මතු වූ අවස්ථාවේ දී, එම ප්‍රශ්නයෙන් එම සමාගම සහ එහි අධිපති නිස්සංක සේනාධිපති මහතා බේරා ගැනීමට එවකට අග්‍රාමාත්‍යවරයාව සිටී රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ද සිය ග්‍රහණයට ගැනීමට වජිර අබේවර්ධන මහතා සමත් වූ අතර ඔහුට තිලක් මාරපන සහ විජේදාස රාජපක්ෂ යන මත්වරුන්ගේ ද උපරිම සහයෝගය ලැබුණා.

රනිල්-වජිර යනු මහින්දගේ ඔඩොක්කු කුක්කෝය -  http://lankanewsweek.com/news_view.php?news_id=6852&cat_id=4

Avant-Garde ලා වජිරට සල්ලි එව්වේ Mazda වෑන් රථයකින්

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න