අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

74 වැනි බ්‍රැඩ්බි පළිහ පළමු තරගය අද කොළඹ රාජකීය විදුහලේදී

74 වැනි බ්‍රැඩ්බි පළිහ පළමු තරගය අද කොළඹ රාජකීය විදුහලේදී

(තෙහාන් ඊසාක්) 74 වැනි වරට පැවැත්වෙන වාර්ෂික බ්‍රැඩ්බි පළිහ සදහා වූ පළමු රග්බි තරගය අද (21) කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමග කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත. මෙවර…

(තෙහාන් ඊසාක්)

74 වැනි වරට පැවැත්වෙන වාර්ෂික බ්‍රැඩ්බි පළිහ සදහා වූ පළමු රග්බි තරගය අද (21) කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමග කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත.

මෙවර තරගය සදහා කොළඹ රාජකීය විදුහල් කණ්ඩායමට සාබිත් ෆෙරෝස් නායකත්වය ලබාදෙන අතර මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායමට ජගත් අවිශ්ක නායකත්වය ලබා දෙයි.

1945 ඩි ආරම්භ වූ මෙරට පාසල් රග්බි පිටියේ විශිෂ්ටතම තරගය ලෙස සැළකෙන බ්‍රැඩ්බි පළිහ ඉතිහාසයේ වැඩිම වාර ගණනක් ශූරයන් වීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත් වී ඇත.ඒ මෙතෙක් පවතී තරග 73කින් 39ක්ම ඔවුන් සතුකර ගනිමිනි. කොළඹ රාජකීය විදුහලට ජය හිමිකර ගැනීමට හැකි වී තිබෙන්නේ තරංග 32ක් පමණි.

74 වැනි වරට පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි අදියර මයි මස 5 වනදා මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
74 වැනි බ්‍රැඩ්බි පළිහ පළමු තරගය අද කොළඹ රාජකීය විදුහලේදී | Lanka Newsweek