අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

60 ට වැඩි අයට එන්නත්කරණය සඳහා විශේෂ වැඩපිළිවෙලක්

60 ට වැඩි අයට එන්නත්කරණය සඳහා විශේෂ වැඩපිළිවෙලක්

(හේමන්ත තුසිත කුමාර) බස්නාහිර පලාතේ වයස අවුරුදු 60ට වැඩි සහ රෝගාබාධ වලින් පෙළෙන්නන් හට ඉදිරි දින 03 තුළදී එන්නත ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන…

(හේමන්ත තුසිත කුමාර)

බස්නාහිර පලාතේ වයස අවුරුදු 60ට වැඩි සහ රෝගාබාධ වලින් පෙළෙන්නන් හට ඉදිරි දින 03 තුළදී එන්නත ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ඊට අමතරව අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට එන්නත්කරණය සිදු කිරීමද සාමාන්‍ය පරිදි සිදු වේ.

කොවිඩ් 19 මර්දන එන්නත මෙතෙක් ලබානොගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 1906 දුරකතන අමතා ලියාපදිංචි වී එන්නත ලබාගැනීමට කටයුතු කරන ලෙස ඔහු පවසයි. එමෙන්ම එන්නත් ඕනෑ තරම් පවතින බවත් අවශ්‍ය පහසුකම්ද කිසිදු අඩුවකින් තොරව සැපයිය හැකි බවත් ඔහු අවධාරණය කර සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න