අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

5 වසර ශිෂ්‍යත්ව හපනුන්ට Athens වෙතින් ශිෂ්‍යත්ව

5 වසර ශිෂ්‍යත්ව හපනුන්ට Athens වෙතින් ශිෂ්‍යත්ව

ලකුණු 200න් 200 ම ගත් දස දෙනාට සමාන්‍ය පෙළ දක්වාම ශිෂ්‍යත්ව වරම් "Laptop" පරිගණක දහයක් ද ප්‍රදානය කෙරේ "Athens" නිර්මාතෘ සහන් අකලංකගේ සංකල්පයක් "COVID" අස්සේ පැවැති ශිෂ්‍යත්ව විභාගය ගැන සහන් අකලංකගේ…

ලකුණු 200න් 200 ම ගත් දස දෙනාට සමාන්‍ය පෙළ දක්වාම ශිෂ්‍යත්ව වරම්

"Laptop" පරිගණක දහයක් ද ප්‍රදානය කෙරේ

"Athens" නිර්මාතෘ සහන් අකලංකගේ සංකල්පයක් 

"COVID" අස්සේ පැවැති ශිෂ්‍යත්ව විභාගය ගැන සහන් අකලංකගේ ස්ථාවරය මෙන්න..!

5 වසර ශිෂ්‍යත්ව හපනුන්ට Athens වෙතින් ශිෂ්‍යත්ව

(සුජිත් මංගල ද සිල්වා)   

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ දී ලකුණු 200න් 200 ම ලබා ගත් දිවයිනේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස දෙනාට අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වාම සිය අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්ව දහයක් ලබා දීමට "Athens International Education Center" ආයතනය පියවර ගෙන තිබේ.

ඊට අමතරව එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස දෙනා වෙනුවෙන් "Laptop" වර්ගයේ පරිගණක දහයක් පරිත්‍යාග කිරීමට ද, "Athens International Education Center" ආයතනය කටයුතු කර ඇති අතර එම ආයතනයේ නිර්මාතෘ සහන් අකලංක මහතා මේ පියවර ගෙන තිබෙන්නේ, රටේ ජාතික අධ්‍යාපනයේ දියුණුව වෙනුවෙන් "Athens International Education Center" මගින් රට පුරා ක්‍රියාත්මක කෙරෙන සමාජ සත්කාරක වැඩ සටහන් මාලාව යටතේය.

දැන්වීම

2020 පහ වසර ශිෂ්‍යත්ව විභාගය, ඊට මුහුණ දුන් දරු දැරියන් සහ එම දරු දැරියන්ගේ විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිළි කරමින් "Athens International Education Center" ආයතනයේ නිර්මාතෘ සහන් අකලංක මහතා මෙසේ පැවසීය.

"ඇත්තටම 2020 ශිෂ්‍යත්වයට මුහුණ දුන් දරු දැරියන් තමයි එදා සිට මේ දක්වා වූ කාලය ඇතුළත දී අපේ රටේ අඩුම කාලයක් පාසල් ගිය සහ ඒ වගේම අඩුම කාලයක් පාඩම් කටයුතුවලට මුහුණ දුන්නු අය. ඒ දරු දැරියන් අතිශයින් විශිෂ්ටයි කියා මම හිතනවා. ඇත්තටම මදක් සිතන්න... මේ ශිෂ්‍යත්ව විභාගයේ දී දරු දැරියන් දස දෙනෙකු වගේ පිරිසක් ඉහළම ළකුණු වාර්තා කළේ..?

මම පෞද්ගලිකව හිතනවා මේ දරු දැරියන් සිය නිදහස හොයා ගත්තා. ඒ ඔස්සේ ඒ දරු දැරියන් සිය දැනුම් මට්ටමේ ඉහළටම ගියා. ඒ වගේම මම හිතනවා  මේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලය එම විභාගය සඳහා ඉදිරියේ දී මුහුණ දීමට නියමිත දරු දැරියන් සිටින සියලු දෙමාපියන්ට හොඳ ආදර්ශයක් කියා. ඒ ඇයි..?COVID-19 වසංගතය නොතිබුණා නම් මේ දරු දැරියන්ට ඇත්තටම ඇත්තටම නිදහසක් තිබේවි ද..? එසේ වුණා නම් සුපුරුදු පරිදි ඒ දරු දැරියන්ට දවස පුරාවටම කෙළවරක් නොමැති භාහිර ශිෂ්‍යත්ව පංති තිබෙනවා. ඒ වගේම ඒ දරු දැරියන් විශාල පීඩනයකට සහ තරගකාරිත්වයකට මුහුණ දෙනවා. නමුත් COVID-19 වසංගතය නිසා මේ සැරේ ඒ කිසවක් තිබුණේ නැහැ නේද..? ඇත්තටම මේ  COVID-19 වසංගතය නිසා බොහෝ දේ ගැන අපට අලුතින් සිතන්න සිදුව තිබෙනවා."

5 වසර ශිෂ්‍යත්ව හපනුන්ට Athens වෙතින් ශිෂ්‍යත්ව      

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
5 වසර ශිෂ්‍යත්ව හපනුන්ට Athens වෙතින් ශිෂ්‍යත්ව | Lanka Newsweek