අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා භාරගැනීම ආරම්භ කෙරේ..!

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා භාරගැනීම ආරම්භ කෙරේ..!

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත පරීක්ෂාවක් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අභියාචනා ලබන 20 වන දා තෙක් ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාගය සඳහා ඉදිරිපත්වි වූ සිසුන්…

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ  ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත පරීක්ෂාවක් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අභියාචනා  ලබන 20 වන දා තෙක්  ඉදිරිපත් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාගය සඳහා ඉදිරිපත්වි වූ සිසුන් 3,4 සහ 2 ශ්‍රේණිවලදී ඔවුන් ලබා ගත් ලකුණු ඉහළ මට්ටමක පතිනවානම් පමණක් අභාචනා ඉදිරිපත් කරන ලෙස පාසල්වල විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බව  කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් ප්‍රකශ කර සිටියි.

ඉදිරිපත් කරන අභියාචනාය  සමග විදුහල්පතිවරයා විසින් සහතික කළ ලකුණු සටහන් ද යොමු කළ යුතු බව ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

තවද මෙවර  ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පිළිබඳ පවතින ගැටලු ඉදිරිපත් කිරීම සඳහා දුරකතන අංක කිහිපයක් හඳුන්වාදී තිබේ.

ඒ අනුව 1911 ක්ෂණික ඇමතුම් අංකය මගින් සහ 011 – 2 784 208, 011 -2 784 537, 011 -3 188 350, සහ 011 -3 140 314 යන දුරකතන අංක ඇමතීමෙන් ප්‍රතිඵල පිළිබඳ ගැටලු දැනුම් දිය හැකියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
5 වසර ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා භාරගැනීම ආරම්භ කෙරේ..! | Lanka Newsweek