අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

22 වැනි සංශෝධනය ගැන අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපති දන්නේ කොහොමද..?

22 වැනි සංශෝධනය ගැන අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපති දන්නේ කොහොමද..?

විපක්ෂ නායක ප්‍රශ්න කරයි 22 වැනි සංශෝධනය සමග අධිකරණ පනත එකට ගෙන එමින් කියවිය යුතු බවත් මේ 22 වැනි සංශෝධනය උපරිමාධිකරණ විනිසුරුවන්ට බලපාන විට අධිකරණ සංශෝධන පනත මහේස්ත්‍රාත්, මහ අධිකරණ හා දිස්ත්‍රික්…

විපක්ෂ නායක ප්‍රශ්න කරයි

22 වැනි සංශෝධනය සමග අධිකරණ පනත එකට ගෙන එමින් කියවිය යුතු බවත් මේ 22 වැනි සංශෝධනය උපරිමාධිකරණ විනිසුරුවන්ට බලපාන විට අධිකරණ සංශෝධන පනත මහේස්ත්‍රාත්, මහ අධිකරණ හා දිස්ත්‍රික් අධිකරණ ගරු විනිසුරුවන්ට බලපාන බවත් මේ දෙකම ගෙන එන්නේ ගරු අධිකරණයේ ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස වැඩි කිරීමට බවත් මේ විශ්‍රාම යන වයස වැඩි කිරීමෙන් අධිකරණයේ ස්වාධීනත්වයට මරු පහරක් එල්ල වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වන ප්‍රධාන කුළුණු 03 වන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන අතර වෙන් වෙන් වූ බලතල සේම සංවරණ හා තුළන ඇති බවත් මෙය ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වූ ප්‍රධාන නීතිමය මූලධර්මය බවත් 22 වැනි සංශෝධනය තුළින් මේ පදනම විනාශ වන බවත් ඒ තුළින් ප්‍රජාතන්ත්‍රවාදය, අධිකරණයේ ස්වාධීනත්වය හා නිදහසට මරු පහරක් එල්ල වීම, යුක්තිය පසිදලීම මිලේච්ඡ ලෙස විනාශ වීම, නිතියේ ආධිපත්‍ය බිද වැටීම ආදිය සිදුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බස්නාහිර පළාතේ කළුතර, ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන මන්ත්‍රීවර සහ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් අද දින සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේදී  සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

දැන්වීම

22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ගරු අධිකරණය දුන් තීන්දුව පාර්ලිමේන්තුව නොදැන සිටියත් ජනාධිපතිවරයා දන්නා බවත් ඔහු තම රැස්වීමක් තුළ මේ සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරන බව පැවසූ බවත් මේ ගෙන එන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 83, 107 යන වගන්ති සමග එකට කියවා බලන විට ජනතා පරමාධිපත්‍යයට බලපෑමක් වෙනවා නම් පාර්ලිමේන්තුවේ 2/3ට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය වුවත් ජනාධිපතිවරයා මෙය පාර්ලිමේන්තුවේ පමණක් සම්මත කරන බවට පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය හදන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලවන්න

ජනාධිපතිවරයා මේ රහස් තීන්දුව ගැන දන්නේ කොහොමද කියා ගැටලුවක් ඇති බවත් රජයේ මේ උත්සාහය වන්නේ මහමැතිවරණයේ ජනාධිපතිවරණයේ සහ පළාත් පාලන මැතිවරණයේ දී රටේ බලය ගත්තා සේ රටේ ප්‍රජාතන්ත්‍රවදය හැකිලීම බවත් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කළ හැක්කේ දැන් පැලවත්ත පක්ෂ කාර්යාලයට පමණක් බවත් සෙසු පක්ෂවලට භාෂණයේ නිදහස පවා නොමැති බවත් තනි පක්ෂ පාලනයක් රටේ ස්ථාපිත කර ඒක පක්ෂ පාලනයක් බිහි කරන ක්‍රමයක් ස්ථාපති කිරීම රජයේ අරමුණ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයේ අරමුණ තනි පක්ෂ පාලනයක් ස්ථාපිත කරන්න

යෞවන සමාජ නිලවරණ, සිවිල් ආරක්ෂක කමිටු ආදිය තුළත් පැලවත්තේ ලිස්ට් එකෙන් සාමාජිකයන් පත් කරන විට මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පූර්වයෙන් අනතුරු ඇගවූ බවත් මේ රජය කරන්නේ පියවරෙන් පියවර ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර තනි පක්ෂ පාලනයක් ක්‍රියාත්මක කරන්න බවත් පළාත් පාලන ආයතන පවා හිස් ආයතන බවට පත් කරන වැඩපිළිවෙළ ආරම්භ කර රජයේ මූල්‍ය අනුග්‍රහය පවා ඉවත් කරන්න රජය කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සැප්තැම්බර් 24 සජබේ සාමකාමී උද්ඝෝෂණයට ඇවිත් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න එක්වන්න

රජය පළාත් සභා මැතිවරණය ගැන පත් කළ තේරීම් කාරක සභාවෙන් විපක්ෂයේ සාමාජිකයන් ඉල්ලා අස්වූ බවත් මේ තුළින් ද කරන්නේ කල් මර මර පළාත් සභා මැතිවරණය කල් දමා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කර හකුලා දැමීම බවත් එම නිසා සැප්තැම්බර් 24 පැවැත්වෙන ප්‍රජාතන්ත්‍රවාදී උද්ඝෝෂණය තුළින් ගරු අධිකරණය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන රැක ගන්නා බවත් ආත්ම ගරුත්වය මුදලට විකුණන අය 17, 18, 20 ආදී සංශෝධනවලට අත ඉස්සූ අය දැන් 22ටත් අත උස්සන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

159ට ඕනි විදිහට නටන්න දෙන්න බෑ

රජය 22 වැනි සංශෝධනය තුළින් කරන්නේ රටේ ගරු අධිකරණය විධායකයේ වහලකු බවට පත් කර ගරු අධිකරණය ගැන ඇති විශ්වාසය කඩ කර විනාශ කරන්න බවත් මේ අය හදන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකර විධායකය ශක්තිමත් කිරීම බවත් මොවුන්ගේ ඉලක්කය වන්නේ තනි පක්ෂ පාලනයක් ස්ථාපිත කිරීම බවත් මේ 159ට ඕනෑ ආකාරයට නටන්න ඉඩ දිය නොහැකි බවත් මොවුන් බලශක්ති ඇමතිවරයා පවා රැක ගත්ත අය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න