22 ට සහය නොදීම ජාතික යුතුකම පැහැර හැරීමකි

රටේ අනාගතය රඳා පවතිනුයේ 22 මතයි රටේ අනාගත යහපත උදෙසා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම අත්‍යවශ්‍යය වන අතර ඊට සහය ලබා නොදීම ජාතික යුතුකමක් සහ වගකීමක් පැහැර හැරීමක් වන්නේ යැයි සාධාරණ…
රටේ අනාගතය රඳා පවතිනුයේ 22 මතයි
රටේ අනාගත යහපත උදෙසා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම අත්‍යවශ්‍යය වන අතර ඊට සහය ලබා නොදීම ජාතික යුතුකමක් සහ වගකීමක් පැහැර හැරීමක් වන්නේ යැයි සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්දු කරු ජයසූරිය මහතා නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ යහ පැවැත්ම සහ ජනතාවගේ යහපත් අභිලාශයන් මුදුන්පත් කර ගැනීම උදෙසා මේ වන විට ඒක පුද්ගල අධිකාරීත්වයකට ඉඩ ලබා දී ඇති 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම අත්‍යවශ්‍යවෙන්ම කළ යුතු බව අප සංවිධානයේ දැඩි ස්ථාවරයයි. එසේ කිරීම මේ රටේ සිවිල් සමාජයේ සේම ප්‍රජාතන්ත්‍රවාදය අගයන දේශපාලන ප්‍රවාහයන්හිද පොදු මතයි.
ඒ සදහා පියවර ගැනීම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මහ ජන නියෝජිතයන්ගේ වගකීම වන බව අප අඛණ්ඩවම අවධාරණ කර ඇත්තෙමු. මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඒ සදහා ප්‍රවේශයක් කර ගත හැකි බව අපගේ බලවත් විශ්වාසයයි.
දැන්වීම
එහිදී අප අවධාරණය කරන කරුණ වන්නේ සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය සේම මේ රටේ අනාගත යහපත අපේක්ෂා කරන සිවිල් සහ දේශපාලන ව්‍යාපාර අපේක්ෂා කළ ආකාරයට යෝජිත 22 වැනි සංශෝධනය පරිපූර්ණ නැතත් අවම වශයෙන් පොදු එකගත්වයකට එළඹිය හැකි කරුණු හෝ පදනම් කර ගනිමින් අත්තනෝමතික ඒක පුද්ගල බල අධිකාරියක් ස්ථාපිත කර ඇති 20 වැනි සංශෝධනය බල රහිත කළ යුතුව ඇති බවයි. එම ක්‍රියා මාර්ගය රටේ අනාගත යහ පැවැත්ම වෙනුවෙන් ගත යුතුව ඇති අත්‍යවශ්‍යම පියවරකි.
ඒ අනුව අප මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පාර්ලිමේතු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ පටු බල අරමුණු ඉලක්ක කර ගනිමින් මෙම වැදගත් අවස්ථාව මග නොහරින ලෙසය. එමෙන්ම තම සාධනීය දේශපාලන ප්‍රතිසංස්කරණ ඉලක්කයන් අත නොහැර ඒ උදෙසා අධිශ්ඨානශීලීව කටයුතු කරන අතරතුර මෙම අවස්ථාව ඒ සදහා තීරණාත්මක පියවරක් කර ගන්නා ලෙසය. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය නොදීම ජාතික යුතුකමක් පැහැර හැරීමක් ලෙස අපි දකිමු.