අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

විදෙස්

2032 ඔලිම්පික් සත්කාරකත්වය නිළ වශයෙන් නම් කෙරේ

2032 ඔලිම්පික් සත්කාරකත්වය නිළ වශයෙන් නම් කෙරේ

(හේමන්ත තුසිත කුමාර) 2032 දී ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරක නගරය ලෙස ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. බදාදා(21) ටෝකියෝ නුවර පැවති ජාත්‍යන්තර…

(හේමන්ත තුසිත කුමාර)

2032 දී ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ සත්කාරක නගරය ලෙස ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

බදාදා(21) ටෝකියෝ නුවර පැවති ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු (අයි.ඕ.සී) සැසියකදී ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරය සහ ඒ  අවට ගිනිකොනදිග ක්වීන්ස්ලන්ත කලාපය ක්‍රීඩා සත්කාරකත්වය දැරීමට අනුමත විය.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු (අයි.ඕ.සී) සභාපති Thomas Bach නිවේදනයක් නිකුත් කරමින් මේ බව  කියා සිටියේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
2032 ඔලිම්පික් සත්කාරකත්වය නිළ වශයෙන් නම් කෙරේ | Lanka Newsweek