2024 ජාතික මැතිවරණයක් නියතයි..ඊට පොහොට්ටුව සූදානම්

මුලින් වැඩි කළ යුත්තේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් නොව වැඩ කරන ජනතාවගේ වැටුප් හිටපු ජනපති අවධාරණය කරයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව…
මුලින් වැඩි කළ යුත්තේ මන්ත්‍රීවරුන්ගේ වැටුප් නොව වැඩ කරන ජනතාවගේ වැටුප්
හිටපු ජනපති අවධාරණය කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් වැඩි කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව කියා සිටියේ මත්තේගොඩ ප්‍රදේශයේ දී බ්‍රහස්පතින්දා (07) දා පැවති ආගමික උත්සවයකින් අනතුරුව ජනමාධ්‍යය හමුවේ අදහස් දක්වමිනි.
2024 වර්ෂයේ දී අනිවාර්යෙන්ම ජාතික මැතිවරණයක් පැවැත් වෙන බවත්, එම මැතිවරණය ජනාධිපතිවරණය ද මහා මැතිවරණය ද කියා දැන්ම උපකල්පනය කිරීමට නොහැකි නමුත් ඒ ඕනෑම මැතිවරණයක් සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සැලසුම් සහගත සූදානමකින් පසු වන බවත් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
වැටුප් වැඩි කරනවා නම් පළමුව වැඩි කළ යුත්තේ වැඩ කරන ජනතාවගේ වැටුප් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කරන්නේ නම් ඒ පිළිබඳව අවධානය යොමු කළ යුත්තේ ඊට පසුව බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි.