අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

2023 පෙබරවාරි වන විට රටේ මූල්‍ය තත්ත්වය යහපත් වේවි

2023 පෙබරවාරි වන විට රටේ මූල්‍ය තත්ත්වය යහපත් වේවි

රට ගොඩ ගත හැක්කේ එජාපයට විතරයි කලක් නිහඬව සිටී නවීන් යළි කරළියට 2023 පෙබරවාරි මාසය වන විට ශ්‍රී ලංකාවෙි මූල්‍ය තත්ත්වය මීට වඩා හොඳ අතට හැරී තිබෙනු ඇතැයි හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසයි. ඒ ඒ…

රට ගොඩ ගත හැක්කේ එජාපයට විතරයි 

කලක් නිහඬව සිටී නවීන් යළි කරළියට  

2023 පෙබරවාරි මාසය වන විට ශ්‍රී ලංකාවෙි මූල්‍ය තත්ත්වය මීට වඩා හොඳ අතට හැරී තිබෙනු ඇතැයි හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසයි.

ඒ ඒ මැතිවරණ යනු රටේ ජනතාවගේ ස්වර්ණමය අයිතිය බැවින් ඡන්දය නිසි කලට වේලාවට පවත් වන බව කියා සිටින නවීන් දිසානායක මහතා රටට අවශ්‍ය වී තිබෙන්නේ වෘත්තීයමය දේශපාලනඥයෙක් සේම රටට ආදරය කරන අර්බුද කළමනාකරණය කළ හැකි නායකයෙක් බව ද පෙන්වා දෙයි.

ඒ නිසා සමස්ත චිත්‍රය දෙස නොබලා එක කෝණයකින් බලා නිගමනයකට එන්න එපා යැයි ද සියලුම පාර්ශ්වයන් සමග එකට එකතු වී රට ඉදිරියට ගෙන යෑමේ වගකීම එක්සත් ජාතික පක්ෂයට තිබෙන බවද නවීන් දිසානායක මහතා අවධාරණය කර සිටියි. 

එක්සත් ජාතික පක්ෂය මීට පෙරත් සන්ධාන ගත වෙලා ඒ ඒ මැතිවරණවලට ඉදිරිපත් වුණු පක්ෂයක් බවද ඒ කාරණය  පක්ෂයට වගේම තමාටත් වෙනසක් නැතැයි ද නවීන් දිසානායක මහතා වැඩි දුරටත් කියා සිටියි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
2023 පෙබරවාරි වන විට රටේ මූල්‍ය තත්ත්වය යහපත් වේවි | Lanka Newsweek