2023 දී ලෝක ආර්ථික අවපාතයක්

ලෝක බැංකුව අනතුරු අඟවයි 2023 වර්ෂයේ දී ලෝක ආර්ථික අවපාතයක් ඇති වීමේ ඉහළ අවදානමක් පවතින බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්ෆාස් මහතා අනතුරු අඟවමින් අවධාරණය කර සිටියි. ලෝක බැංකු ප්‍රධානියා ඒ බව සඳහන් කළේ,…
ලෝක බැංකුව අනතුරු අඟවයි
2023 වර්ෂයේ දී ලෝක ආර්ථික අවපාතයක් ඇති වීමේ ඉහළ අවදානමක් පවතින බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්ෆාස් මහතා අනතුරු අඟවමින් අවධාරණය කර සිටියි.
ලෝක බැංකු ප්‍රධානියා ඒ බව සඳහන් කළේ, ඇමරිකාවේ වොෂිංටන්හිදී ආරම්භ කෙරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2022 වාර්ෂික ඒකාබද්ධ සමුළුවේ දී වන අතර එම අවස්ථාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකර අධ්‍යක්‍ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මියද සහභාගි වී සිටියාය.
ලෝක ආර්ථිකය ප්‍රමුඛ ගෝලීය ප්‍රවණතා, දුප්පත්කම තුරන් කිරීම, ආර්ථික සංවර්ධනය සේම ආධාර භාවිතයේ කාර්යක්ෂමතාව වැනි කරුණු ඇගැයීමට ලක් කිරීම සමුළුවේ මූලික අරමුණ වේ.
මෙවර සමුළුවට ශ්‍රී ලංකා නියෝජනය කරමින් මූල්‍ය ක්‍ෂේත්‍රයට සම්බන්ධ ඉහළ නිලධාරීන් සහභාගි වීමට නියමිතව සිටින අතර මෙවර ශ්‍රී ලංකාව මෙම සමුළුවට සහභාගි වන්නේ දැඩි ආර්ථික අර්බුදයක් හමුවේ වීමද විශේෂත්වයකි.