අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

2022 සඳහා ඩොලර් බිලියන 6.7ක් ආණ්ඩුව හොයා ගන්නේ කෙසේද..?

2022 සඳහා ඩොලර් බිලියන 6.7ක් ආණ්ඩුව හොයා ගන්නේ කෙසේද..?

මහා බැංකු අධිපතිට "Fitch Ratings" පිළි ගන්න බැහැලු මහා බැංකු අධිපති කවටයෙක් වෙලා ඩොලර් සංචිතය බිලියන 1.6 ට බැහැලා රට විනාශයි-ජනතාව අනාථයි ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණි ගත කිරීම තවදුරටත් පහත හෙළීමට "Fitch…

මහා බැංකු අධිපතිට "Fitch Ratings" පිළි ගන්න බැහැලු  

 මහා බැංකු අධිපති කවටයෙක් වෙලා  

ඩොලර් සංචිතය බිලියන 1.6 ට බැහැලා 

රට විනාශයි-ජනතාව අනාථයි 

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණි ගත කිරීම තවදුරටත් පහත හෙළීමට "Fitch Ratings" ආයතනය පියවර ගෙන  තිබෙන අතර ලෝකයම පිළි ගන්නා එම ආයතනයේ ශ්‍රේණි ගත කිරීම පිළි ගැනීමට නොහැකි බව ශ්‍රී ලංකාවේ  මහ බැංකු අධිපතිවරයා කියා සිටීම අතිශය හාස්‍යයට කරුණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ ශ්‍රේණි ගත කිරීම් සිදු කරනුයේ විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ සත්‍ය මත පදනම් වූ දත්ත මත පදනම්ව බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා එම දත්ත සහ තක්සේරු බොරු යැයි කියන්නට කිසිවෙකුට නොහැකි බව ද කියා සිටියි.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාගේ ආණ්ඩුව සිදු කරන ජිල්මාට් සහ ඇන්දවීම ලෝකයේ කීර්තිමත් ආයතන ද සිදු කරනු ඇතැයි ඔහු කල්පනා කරනවා වන්නට පුළුවන් යැයි ද, එවැනි "ජිල්මාට්" දැමීමට මේ ආණ්ඩුවට පුළුවන් වුණාට ලෝකය පිළි ගත් දත්ත මත පදනම් වූ විද්‍යාත්මක ආයතනවලින් එවැන්නක් සිදු වන්නේ නැතැයිද ඔහු පෙන්වා දෙයි.

දැන්වීම

ශ්‍රී ලංකාවේ මේ වන විට ඇති ඩොලර් සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6 ක් බව පෙන්වා දෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද්‍රවශීලී වශයෙන් ඇති ඩොලර් ප්‍රමාණය බිලියන 1.1 ක් පමණක් වන බව ද පවසයි. කෙසේ නමුත් 2021 දෙසැම්බර් සහ 2022 ජනවාරි යන මාස දෙක ඇතුළත දී පමණක් බිල් වශයෙන් ගෙවිය යුතුව ඇති මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1.3ක් වන අතර උද්ගත වී තිබෙන තත්ත්වය හමුවේ 2022 වසරේ සමස්තයක් ලෙස ඩොලර් බිලියන 6.7ක් ගෙවන්නට සිදුව ඇතැයිද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. 

ඇමරිකානු ඩොලර් බිලියන 6.3ක්  ගෙවන්නට අවශ්‍යව තිබියදී, රට සතුව ඇත්තේ ඩොලර් බිලියන 1.1 නම් එතනින් එහාට කවර කතාදැයි ද, රට ආර්ථික වශයෙන් ඇද වැටී ජනතාවට අත්වීමට යන ඉරණම මේ තත්ත්වයෙන් මනාව පැහැදිලි වන්නේ යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පෙන්වා දෙයි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
2022 සඳහා ඩොලර් බිලියන 6.7ක් ආණ්ඩුව හොයා ගන්නේ කෙසේද..? | Lanka Newsweek